June, 15, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්රියාකාරීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ 3.43%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කිරීමට සමත්විය.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය දිනය තුළ ඒකක 743.22කින් ඉහළ ගොස් ඒකක 22,380.65ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා වුණි.
මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 192.48ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.19%ක ඉහළ යාමක් වේ. දිනය අවසානයේ දී S&P SL20 දර්ශක අගය ඒකක 6,219.53ක් ලෙසින් සටහන් විය.
අද දිනය තුළ රු. බිලියන 4ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
Video Story