කොටස් වෙ‍ළෙඳපොළට ගලා ආ සුද්දන්ගේ ශුද්ධ මුදල් බිලියන 15 ඉක්මවයි

    April, 28, 2017

    කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත 2017 වසර තුළ දී ඊයේ (27) දිනය දක්වා ලැබී ඇති ශුද්ධ විදේශීය ගලා ඒම් ප්‍රමාණය රුපියල් බිලියන 15 ඉක්මවා ඇති බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. 2017 අප්‍රේල් 27 වන විට මෙම අගය රුපියල් බිලියන 15.16 ක් ලෙසින් වාර්තා වේ.

    මේ අතර පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළේ වාර්තා වූ ශුද්ධ විදේශීය ගලා ඒම් පහත පරිදි දැක්විය හැකිය.

    අප්‍රේල් 20 - රු. මිලියන 697.52
    අප්‍රේල් 21 - රු. මිලියන 1,353.98
    අප්‍රේල් 24 - රු. මිලියන 123.34
    අප්‍රේල් 25 - රු. මිලියන 204.32
    අප්‍රේල් 26 - රු. මිලියන 318.62
    අප්‍රේල් 27 - රු. මිලියන 809.87