කොට්ටාවට විදුලි ගුවන් පාලම් එන්නෙ මෙහෙමයි

    March, 22, 2014

    පදිකයින්ට පාර මාරු වීමට ලංකාවේ පළමු විදුලි ගුවන් පාලම පානදුර නගරයේ ඉදිකරන බව අප ඊයේ උදෑසන වාර්තා කළ අතර අප වෙත අනාවරණය වන්නේ මෙවැනි ගුවන් පාලම් තුනක් කොට්ටාව නගරයේ ඉදිකිරීමට රජය සූදානම් වන බවයි.

    මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී, ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    “කොට්ටාව නගරයේ මාර්ගය හරහා දිනකට මගීන් 3000 ක් පමණ පාර මාරුවන බව අප සොයාගෙන තිබෙනවා. රථ වාහන තදබදය වැඩිවීමටත් මෙය හේතුවක්. මේ නිසා, මගීන්ට පාර මාරු වීමට විදුලියෙන් ක්‍රියා කරන පාලම් තුනක් කොට්ටාවේ ඉදිකිරීමට අපි තීරණය කර තිබෙනවා.“

    මෙම විදුලි ගුවන් පාලම් තුනේ ඉදිකිරීම් මේ වසරේ ආරම්භ කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.