කොට්ටාවේ විදුලි ගුවන් පාලම් තුන දේශීය මුහුණුවරකට

    May, 6, 2014

    පදිකයින්ට පාර මාරු වීමට විදුලි ගුවන් පාලම් තුනක් කොට්ටාව නගරයේ ඉදිකිරීමට රජය සූදානම් වනබව අප මීට පෙර අනාවරණය කළේය.

    මෙහි නවතම තත්ත්වය පිළිබඳව අප සමග අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා පැවසුවේ මෙම විදුලි ගුවන් පාලම් දේශීය තාක්ෂණය යොදා ගනිමින් ඉදිකිරීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි.

    “අප උත්සාහ කරන්නේ මෙම විදුලි ගුවන් පාලම් තුන සඳහා දේශීය තාක්ෂණය හැකිතාක් භාවිතා කරන්නයි. මේ වනවිට, මේවායේ සැලසුම් කටයුතු සිදුකරමින් සිටිනවා.“

    “කොට්ටාව නගරයේ මාර්ගය හරහා දිනකට මගීන් 3000 ක් පමණ පාර මාරුවන බව අප සොයාගෙන තිබෙනවා. රථ වාහන තදබදය වැඩිවීමටත් මෙය හේතුවක්.“

    ලංකාවේ පළමු විදුලි ගුවන් පාලම පානදුර නගරයේ මේ වනවිට ඉදිකරමින් තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.