කොත්මලේ හෝල්ඩින්ග්ස් සභාපති ඉල්ලා අස්වේ

    January, 27, 2015

    කොත්මලේ හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයා මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ස්ටුවර්ට් යන්ග් මහතා එම තනතුරු වලින් ඉල්ලා අස්වී තිබෙන අතර නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ වී.ආර්. පේජ් මහතායි.

    මේ අනුව, සභාපති වී.ආර් පේජ්, කළමනාකාර අධ්‍යක්ෂ එම්.අයි. අබ්දූල් වහීඩ්, විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ පී.එස්. මාතවන්, විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ ඒ.ටී.පී. එදිරිසිංහ, විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ සුනිල් මෙන්ඩිස්, විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ ජේ.සී. පේජ් යන අයගෙන් කොත්මලේ හෝල්ඩින්ග්ස් නව අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වේ.