කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ආනයනය නියාමනයට රජය සැරසෙයි

    May, 31, 2017

    ඉදි කිරීම් සඳහා අවශ්‍ය වන කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ආනයනයට අදාළ රෙගුලාසි සංශෝධනය කරනු ලැබ ඇති අතර එම යන්ත්‍ර ආනයනයේදී වසර 10කට වඩා නොපැරැණි සහ වසර 10කට වඩා පැරණි කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ලෙස නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 02ක් හඳුන්වා දී ඇත.

    එයින් වසර 10කට වඩා පැරැණි කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ, ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍ර ලබාගත යුතු‍ අයිතම ලැයිස්තුවට ඇතුළත් කරමින් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පළ කරන ලද අංක 2019/24 හා 2017 මැයි මස 19 දිනැති ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.