කොමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධිත Commex, ඉතාලිය තුළ මෙහෙයුම් කටයුතු අරඹයි

    December, 2, 2016

    කොමර්ෂල් බැංකුවට අයත් Commex Sri Lanka S.R.L වෙත ඉතාලියේ මහ බැංකුව විසින් මුදල් පේ‍්‍රෂණ බලපත‍්‍රයක් ලබාදීමෙන් පසුව ඉතාලිය තුළ මුදල් පේ‍්‍රෂණ කටයුතු ආරම්භ කොට ඇත.

    ශ‍්‍රී ලංකාවේ පුද්ගලික බැංකු අංශයේ මිණුම් ලකුණක් ලෙස කටයුතු කරන කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ රෝමයේ Via Giacomo Leopardi හි පිහිටි Commex Sri Lanka S.R.L. සමාගම ඉතාලියේ මහ බැංකුවෙහි හි සුපරීක්ෂණය යටතේ ඉතාලියේ සංස්ථාපනය කර ලියාපදිංචි කර තිබෙන බවත් ඒ සඳහා මුදල් පේ‍්‍රෂණය කිරීම සඳහා රටවල් දෙකින්ම අවශ්‍ය නියාමන අනුමැතීන් ලබාගෙන තිබෙන බවයි.

    මුදල් පේ‍්‍රෂණ කටයුතු වෙනුවෙන් ඉතාලිය තුළ සමාගමක් ආරම්භ කළ පළමු ශ‍්‍රී ලාංකේය බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි.

    ‘‘මුදල් පේ‍්‍රෂණ පහසුකම් ලබාදෙන ශ‍්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම අයත් හුවමාරු ඒකකයක් ලෙසින් Commex හි, මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. ‘‘සමාගම සංස්ථාපනය කර තිබෙන්නේ ඉතාලියෙන් ලංකාවට පැමිණෙන පේ‍්‍රෂණ කටයුතුවල තිබෙන ධාරිතාවය පිළිබඳව අවබෝධ කර ගනිමින් කටයුතු කිරීමටයි.’’

    බැංකුව සඳහන් කරන්නේ ඉතාලියෙන් ශ‍්‍රී ලංකාවට මුදල් පේ‍්‍රෂණය කිරීමේදී වැඩි වැදගත් කමක් තිබෙන අනිකුත් ඉතාලි නගර වලද ශාඛා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

    ශ‍්‍රී ලාංකේය විගමනික ශ‍්‍රමිකයින්ගේ විශාල වෙළඳ පොළක් වන ඉතාලියෙහි ශ‍්‍රී ලාංකිකයින් 150,000 ක් පමණ රැුකියාවල යෙදී සිටී. බැංකුව සඳහන් කරන්නේ ඉතාලියේ සිට මාසයකට ලංකාවට එවනු ලබන පේ‍්‍රෂණ මුදල්වල වටිනාකම රුපියල් බිලියන 03 කට ආසන්න වන බවයි.

    ඉතාලිය තුළ මුදල් පේ‍්‍රෂණ පහසුකම් ආරම්භ කළ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී බැංකු වලින් එකක් ලෙස කොමර්ෂල් කැපී පෙනෙන අතර මෙරටට මුදල් එවීමට ඉතාලිය තුළ සේවය කරන බොහෝ ශ‍්‍රී ලාංකිකයින් භාවිතා කළ අවිධිමත් ක‍්‍රම පසෙකලා කොමර්ෂල් බැංකුවේ ඊ- එක්ස්චේන්ජ් පේ‍්‍රෂණ සේවාව භාවිතා කිරීමට ඔවුන්ට අවස්ථාව හිමි විය.

    මීට අමතරව, කොමර්ෂල් බැංකුව Ria සහ MoneyGram යන ජාත්‍යන්තර මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග ඒකාබද්ධවී ඒ තුළින් විදෙස්ගත ශ‍්‍රමිකයින්ගේ මුදල් පේ‍්‍රෂණ කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබාදී තිබේ. Ria සහ MoneyGram සමග කොමර්ෂල් බැංකුව ඒකාබද්ධවී තිබීම නිසා දැන් ලෝකයේ සියළුම තැන් වලට Commex හරහා මුදල් යැවීමේ අවස්ථාව හිමිවේ.

    ශ‍්‍රී ලංකාවේ පේ‍්‍රෂණ අංශයේ වඩාත් සක‍්‍රීය බැංකුවක් ලෙසින් ක‍්‍රියා කරන කොමර්ෂල් බැංකුව ගනුදෙනුකරුවන් වෙනුවෙන් විකල්ප අවස්ථාවන් මාලාවක් ලබාදෙයි. මේ අනුව, මුදල් පේ‍්‍රෂණය කරන්නෙකුට කොමර්ෂල් බැංකුවේ ගිණුමක් නොමැතිව වුවද මුදල් පේ‍්‍රෂණය කිරීමේ අවස්ථාව හිමිවේ. කැපී පෙනෙන ශ‍්‍රී ලාංකිකයින් සංඛ්‍යාවක් සේවය කරන ලෝකයේ ප‍්‍රධාන වෙළඳ පොළවල බැංකුවට අයත් ව්‍යාපාරික ප‍්‍රවර්ධන කාර්යාල BPOs පිහිටුවා තිබේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 251 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 650 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොදම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.

    කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා එක්ව රෝමයේ පිහිටි Commex සමාගම විවෘත කරයි.