July, 17, 2019
කොමර්ෂල් බැංකුවේ පහසු ගෙවීමේ සැලසුම (EPP) ඔස්සේ ගුවන් ගමන් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගන්නා තම ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ගේ මුදල් පසුම්බියට හිතකර සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා බැංකුව මෙරට ප‍්‍රමුඛතම සංචාරක නියෝජිතායතන 35ක් සමග ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කර ඇත.
මේ අනුව කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට දැන් ගුවන් ගමන් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගෙන ඒ සඳහා කළ යුතු ගෙවීම විවිධ ගෙවීම් සැලසුම් අතරින් තමන්ට රිසි සැලසුමක් තෝරාගෙන මාසික වාරික වලින් ගෙවිය හැකි කොමර්ෂල් බැංකුවේ පහසු ගෙවීමේ සැලසුමකට (EPP) යොමු කළ හැක.
වසර 2020 දක්වා ලබා ගත හැකි මේ ප‍්‍රතිලාභය, සෙකන්ඞ් චාන්ස් ට‍්‍රැවල්, එයිට්කන් ස්පෙන්ස් ට‍්‍රැවල්ස්, එයාර් ට‍්‍රැවල් සර්විසස්, ඇමරිකන් ලොයිඞ් ට‍්‍රැවල්ස්, ඇවනිර් හොලිඬේස්, බී ජී එයාර් සර්විසස්, බොන්ගො ට‍්‍රැවල්, කාසන්ස් ට‍්‍රැවල්ස්, ක්ලැසික් ට‍්‍රැවල්, කන්ටිනන්ට්ස් ඇන්ඞ් ඕෂන්ස්, ක‍්‍රිස්ටල් ට‍්‍රැවල්ස් ඇන්ඞ් ටුවර්ස්, ඞී‍්‍ර‍්‍රම් හොලිඬේස්, ගබෝ ට‍්‍රැවල්ස්, ජෝර්ජ් ස්ටුවට් ට‍්‍රැවල්ස්, ග‍්‍රීන් ටුවර්ස් ඇන්ඞ් රිසෝට්ස්, හේලීස් ට‍්‍රැවල්ස්, හොලිඬේ ප්ලෑන් ඞී. එම්. සී., හේමාස් ට‍්‍රැවල්ස්, ඉන්වයිට් හොලිඬේස්, ජෙට්වින් හොලිඬේස්, මැක් එයාර්, මැකිනොන්ස් ට‍්‍රැවල්ස්, නවලෝක එයාර් සර්විසස්, එන්කා ට‍්‍රැවල්ස්, ක්වෙස්ට් ඩෙස්ටිනේශන්ස්, රමේකා ට‍්‍රැවල්ස් ඇන්ඞ් ලෙෂර්, ෂම්ස් ට‍්‍රැවල්ස්, ෂාන් ටුවර්ස් ඉන්ටර්නැෂනල්, ස්පාර්ක්ලින්ක් ට‍්‍රැවල්ස්, ස්පාර්ටන් ට‍්‍රැවල්ස්, ද ට‍්‍රැවලර් ග්ලෝබල්, ට‍්‍රැවල් සෙවන් සහ ට‍්‍රැවල් වර්ල්ඞ් යන සංචාරක නියොජිතායතන වලින් මිලදී ගනු ලබන ගුවන් ගමන් ප‍්‍රවේශ පත‍්‍ර සඳහා වලංගු වේ.
මීට අමතරව වීසා ඉන්ෆිනිට්, වීසා සිග්නේචර්, වීසා ප්ලැටිනම්, වර්ල්ඞ් මාස්ටර් කාඞ්, යුනියන් පේ ඒෂියා ප්‍රෙස්ටිජ් ප්ලැටිනම් සහ ඒෂියා ප්‍රෙස්ටිජ් ඩයමන්ඞ් කාඞ්පත් සඳහා නොමිලේ රක්ෂණ ආවරණ ආදී ප‍්‍රතිලාභ මෙන්ම වීසා, මාස්ටර්කාඞ් සහ යුනියන් පේ කාඞ්පත් හිමියන්ට ජාත්‍යන්තර හෝටල්වල නවාතැන් ගැනීමේදි, ජාත්‍යන්තර විනෝදාස්වාද ඉසව් සහ ගුවන්තොටුපල වලදී ප‍්‍රතිලාභ රැසක් අත්විඳීමේ අවස්ථාවද උදාකර දී ඇත.
“කොමර්ෂල් බැංකුව නිරන්තරයෙන්ම තම කාඞ්පත් හිමියන්ගේ ජීවිත වලට වඩාත් පහසු සහ වින්දනාත්මක අත්දැකීමක් ලබා දිය හැකි මාර්ග සෙවීමේ නිරතව සිටිනවා. අප ඇති කරගත් මේ නව සහයෝගිතාව තුළින් අපේ කාඞ්පත් හිමියන්ට දැන් තමන්ගේ සංචාරක සිහින පාලනය කරගත හැකි වියදමක් යටතේ සැබෑ ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා,” යැයි මේ පිළිබඳව තම අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කාඞ් මධ්‍යස්ධාන ප‍්‍රධානී තුසිත සුරවීර මහතා පැවසීය.
මෙම පහසු ගෙවීමේ සැලසුම් පිළිබඳ වැඩිදුර තොරතුරු කොමර්ෂල් බැංකුවේ www.combank.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.
කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන්ට වීසා, මාස්ටර්කාඞ් සහ යූනියන් පේ කාඞ්පත් මගින් පවත්වනු ලබන ගෝලීය ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීමට සුදුසුකම්ද හිමිවන අතර ‘කොම්බෑන්ක් මැක්ස් ලෝයල්ටි රිවෝර්ඞ්ස් පොයින්ට්ස්’ වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ රැසක් ලැබීමේ අවස්ථාවද උදාවේ.
කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් මගින් ප‍්‍රවර්ධන වැඩසටහන් ඔස්සේ වසර පුරාම පුළුල් පරාසයක සේවාවන්ද සමගින් විවිධ ප‍්‍රදානයන් පිරිනමනු ලබයි. ‘මැක්ස් ලෝයල්ටි රිවෝර්ඞ්ස් පොයින්ට්ස්’ වැඩසටහන යටතේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට මෙන්ම ඩෙබිට් කාඞ්පත් හිමියන්ටද ලෝයල්ටි ප‍්‍රදානයන් ලබා දුන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි. එසේම සාම්ප‍්‍රදායික ලෙස ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා පමණක් ලබා දුන් ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඞ්පත් සඳහා පිරිනැමීම සඳහාද බැංකුව පුරෝගාමී විය.
කාඞ්පත් අතරින් ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන කොමර්ෂල් බැංකු කාඞ්පත් සමස්ත භාවිතය අතින් වෙළඳපොල ප‍්‍රමුඛත්වය හිමි කරගැනීමට සමත්ව සිටී. බැංකුව මගින් වීසා, මාස්ටර්කාඞ් සහ යූනියන් පේ සන්නාමයන් යටතේ සිල්වර්, ගෝල්ඞ් සහ ප්ලැටිනම් ආදී විවිධ ක්‍රෙඩිට් කාඞ්පත් නිකුත් කරන අතර ඉහළ පාරිභෝගික කාණ්ඩය සඳහා වීසා සිග්නේචර්, වර්ල්ඞ් මාස්ටර්කාඞ්, වීසා ඉන්ෆිනිට්, යූනියන් පේ ඒෂියා ප්‍රෙස්ටිජ් ප්ලැටිනම් සහ යූනියන් පේ ඒෂියා ප්‍රෙස්ටිජ් ඩයමන්ඞ් ආදී කාඞ්පත් නිකුත් කරනු ලබයි. මෙම කාඞ්පත්, ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතයේදී ආරක්ෂිත ගෙවීම් සඳහා භාවිතා වන ‘ටැප් ඇන්ඞ් ගෝ’ NFC තාක්ෂණයෙන් සමන්විත වේ. එසේම ශක්තිමත් NFC Point-of-Sale (POS) ජාලයේ සහායද මේ සඳහා ලැබේ.
අඛණ්ඩව වසර 9ක් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතර තම නාමය රඳවා ගැනීමට සමත්ව සිටින කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාව පුරා බැංකු ශාඛා 266ක් පවත්වාගෙන යනු ලබයි. ඊට අමතරව රට පුරා මෙහෙයවනු ලබන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සංඛ්‍යාව 846කි. වසර 2016 සහ 2017 දී දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලද කොමර්ෂල් බැංකුව 2018 වසරේදී 40කට අධික ජාත්‍යන්තර සහ දේශීය සම්මාන සංඛ්‍යාවක් හිමිකර ගැනීමට සමත් විය.
Video Story