March, 16, 2026
කොළඹ නැව්තටාකාංගන සමාගමේ (Colombo Dockyard PLC) 51%ක බහුතර කොටස් හිමිකාරීත්වය තහවුරු කර ගත් බව Mazagon Dock Shipbuilders Limited නිවේදනය කර සිටී.
මීට පෙර Colombo Dockyard PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය ජපානයේ ONOMICHI DOCKYARD COMPANY LIMITED සතුව පැවති අතර ඔවුන් එම ආයෝජනයෙන් ඉවත් වීමට ගත් තීරණය අනුව හිමිකම් නිකුතුවක් හරහා Colombo Dockyard PLC හි පාලක කොටස් අයිතිය හිමිකර ගැනීමට Mazagon Dock Shipbuilders Limited සමත්විය.
ඉන්පසු Mazagon Dock Shipbuilders Limited විසින් Colombo Dockyard PLC හි සෙසු කොටස් අත්පත් කර ගැනීම වෙනුවෙන් ලබා දී තිබූ අනිවාර්ය අර්පණ (Mandatory Offer) කාලසීමාව පසුගිය මාර්තු 12 දින ඉකුත් වී තිබුණු අතර අනිවාර්ය අර්පණය හරහා 9.27%ක කොටස් හිමිකාරීත්වයක් තහවුරු කර ගැනීමට Mazagon Dock Shipbuilders කටයුතු කර තිබුණි. අනිවාර්ය අර්පණයට පෙර 41.73%ක කොටස් අයිතියක් ඔවුන් සතුව තිබිණ.
මේ අනුව Colombo Dockyard PLC හි 51%ක කොටස් අයිතිය තහවුරු කර ගැනීමට Mazagon Dock Shipbuilders Limited සමත් වී තිබේ.

Video Story