කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට අවුරුදු සාප්පු සවාරි සඳහා 4,000කට අධික අලෙවිසැල් වෙතින් 50%ක් දක්වා වට්ටම්

    March, 27, 2024

    කොමර්ෂල් බැංකුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් හිමියන් සඳහා වසරේ විශාලතම සාප්පු සවාරි ප්‍රවර්ධන වැඩසටහන දියත් ඇත.

    2024 මාර්තු 20 සිට අප්‍රේල් 30 දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී රටපුරා පිහිටි අලෙවිසල් 4000කට වැඩි සංඛ්‍යාවකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට සමාගම් 400කට අධික ගණනක් සමග බැංකුව හවුල් වී ඇත.

    මෙම ප්‍රවර්ධනය මගින් මුළු පවුලටම ඇඳුම් මිලදී ගැනීමට, ත්‍යාග මිලදී ගැනීමට, නිවෙස් අලංකාර කිරීමට, නව රූපලාවන්‍ය නිෂ්පාදන අත්හදා බැලීමට, ශාරීරික සුවතාවයට සහ සිය අත්‍යවශ්‍යය වුවමනා සපුරාගැනීමට බැංකුවේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව ලබා දීමෙන් අවුරුදු උත්සව සමයේ ප්‍රබෝධය වැඩි කරනු ඇත.

    ඇඳුම් පැළඳුම් සහ විලාසිතා උපාංග හවුල්කරුවන් 170 ක්, ජීවන රටා නිෂ්පාදන හවුල්කරුවන් 52 ක්, සපත්තු සහ සම්භාණ්ඩ හවුල්කරුවන් 28 ක්, හෝටල් හවුල්කරුවන් 34 ක්, ස්වර්ණාභරණ හවුල්කරුවන් 15 ක්, සෞඛ්‍ය සේවා හවුල්කරුවන් 12 ක්, රූපලාවන්‍යාගාර, ස්පා සහ රූපලාවණ්‍ය හවුල්කරුවන් 12 ක්, සුපිරි වෙළඳසැල් හවුල්කරුවන් 6 ක්, මෝටර් රථ හවුල්කරුවන් 8 ක්, ඔරලෝසු සහ උපාංග හවුල්කරුවන් 5 ක් සහ අවන්හල් හවුල්කරුවන් 11 ක් විසින් වට්ටම් පිරිනමනු ඇත.

    මෙයට අමතරව ප්‍රවර්ධන කාලසීමාව තුළදී ‘ඔන්ලයින්’ වෙළෙඳ හවුල්කරුවන් 85දෙනෙකු විසින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට වට්ටම් පිරිනමනු ඇති අතර ප්‍රවර්ධන කාලය තුළ මිලදී ගන්නා ගෘහස්ථ උපකරණ සඳහා මාස 60ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම් ලබා දීමට තවත් වෙළඳ හවුල්කරුවන් 14 දෙනෙකු ඉදිරිපත්ව ඇත.

    උපරිම පාරිභෝගික පදනමක් සහතික කිරීමට මෙම ප්‍රවර්ධනය සඳහා විවිධ මිල ගණන් නියෝජනය කරමින් පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවා සිදු කරන ප්‍රමුඛ පෙළේ දේශීය සහ ජාත්‍යන්තර සන්නාමවල වෙළඳ හවුල්කරුවන් සහභාගී වන බව බැංකුව ප්‍රකාශ කරයි.

    කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.