කොමර්ෂල් බැංකුවේ ‘ගෙදරට තෑගි 3’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින් තෝරයි

    August, 11, 2020

    කොමර්ෂල් බැංකුව විසින් 2019 වසර වෙනුවෙන් පැවැත්වූ ‘ගෙදරට තෑගි 3’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහනේ අවසාන දිනුම් ඇදීම පසුගියදා අවසන් වුණු අතර එහිදී, හයුන්ඩායි ග‍්‍රෑන්ඞ් i10 මෝටර් රථයක්, ස්කූටර් තුනක් සහ ගේදොර උපකරණ මෙන්ම ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු අනිකුත් ත්‍යාග ජයග‍්‍රාහකයින්ට ප‍්‍රදානය කරන ලදී.

    මෙහිදී, ප‍්‍රධාන ත්‍යාග ජයග‍්‍රාහකයින්ට අමතරව ස්මාර්ට් රූපවාහිනී 10 ක්, මුළුතැන්ගෙයි කට්ටල 10 ක්, රෙදි සෝදන යන්ත‍්‍ර 10 ක් දිනාගත් ජයග‍්‍රාහකයින්ද නිවේදනය කරන ලදි. මීට අමතරව, කාර්තු තුනක දිනුම් ඇදීම් වලදී තෝරාගත් ජයග‍්‍රාහකයින් 75 දෙනෙකුට මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේදී රුපියල් 15,000 ක් වටිනා තෑගි පාර්සලයක් බැගින්ද ප‍්‍රදානය කරන ලදි.

    බැංකුව සඳහන් කරන්නේ කොවිඩි-19 වසංගත තත්ත්වය හමුවේ සමාජ දුරස්ථභාවය රැකගනිමින් ජයග‍්‍රාහකයින් 10 දෙනෙකු පමණක් මෙම ත්‍යාග ප‍්‍රදානෝත්සවයට කැඳවූ බවයි.

    2019 අපේ‍්‍රල් 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කොමර්ෂල් බැංකුවේ මුදල් පේ‍්‍රෂණ සේවාව වන ඊ-එක්ස්චේන්ජ් සහ මනිග‍්‍රෑම්, වෙස්ටන් යුනියන් සහ රියා මුදල් පේ‍්‍රෂණ සේවාවන් හරහා පේ‍්‍රෂණ ලබාගත් ගනුදෙනුකරුවන් මෙම අවසාන මහා දිනුම් ඇදීමට සහ කාර්තුමය දිනුම් ඇදීම් වලට සුදුසුකම් ලැබීය.

    සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ ‘ගෙදරට තෑගි’ අවසාන මහා ත්‍යාගයේ ජයග‍්‍රාහකයා කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා (ඉහළ, මැද සහ දකුණේ සිට තෙවැන්නා) මෙන්ම බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින් සමග සිටින ආකාරයයි. (පහළ) ත්‍යාග ලාභීන් පිරිසක් බැංකුවේ නියෝජිතයින් සමග.