• Ada Derana BIZ Sinhala
  • ComBank
  • LED
  • sri lanaka

කොමර්ෂල් බැංකුවේ වෙස්ටර්න් යුනියන් ගනුදෙනුකරුවන්ට ජූලි සිට සැප්තැම්බර් දක්වා LED විදුලි පහන් ත්‍යාග

July, 25, 2022

කොමර්ෂල් බැංකුව සහ ප‍්‍රමුඛතම මුදල් ප්‍රේෂණ මෙහෙයුම්කරුවෙකු වන වෙස්ටර්න් යුනියන් නවතම ප‍්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් අත්වැල් බැඳගෙන තිබෙන අතර මෙහිදී, රුපියල් 10,000 ක් හෝ එයට වඩා වැඩි වටිනාකමක ප්‍රේෂණ ලාභ 2022 සැප්තැම්බර් 15 වනදා දක්වා හෝ තොග අවසන් වනතුරු නැවත ආරෝපණය කළ හැකි LED විදුලි පහන් ප‍්‍රදානය කිරීමට කටයුතු කර තිබේ.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් බැංකුවේ වෙස්ටර්න් යුනියන් පාරිභෝගික පදනම වැඩිකර ගැනීමටත් වර්තමාන ප්‍රේෂණ ගනුදෙනුකරුවන් සමඟ සබඳතාවය සහ පාරිභෝගික බැඳීම තවදුරටත් තරකර ගනමින් බැංකුවේ ප්‍රේෂණ වෙළෙඳපොළ කොටස වර්ධනය කරගැනීමට හැකිවනු ඇතැයි කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

දේශ දේශාන්තර අතර විවිධ මුදල් හුවමාරු කිරීමේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන වෙස්ටර්න් යුනියන් අතර එය මේ වනවිට රටවල් 200 කට වැඩි ප‍්‍රමාණයක ක‍්‍රියාත්මක වේ. මෙම සේවාවේ ලොව පුරා නියෝජිතයින් 525,000 ක පමණ සංඛ්‍යාවක් මේ වනවිට සිටී. කොමර්ෂල් බැංකුව 2019 වසරේදී වෙස්ටර්න් යුනියන් සමග ඒකාබද්ධ වූ අතර ලෝකයේ  ඕනෑම රටකින් මෙරට කොමර්ෂල් බැංකු ශාඛාවකට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව මේ තුළින් උදාවී තිබේ. විශේෂයෙන්ම ප්‍රේෂණ සඳහා වඩාත් ප‍්‍රචලිත ගමනාන්ත වන ඇමරිකාව, කැනඩාව, යුරෝපයේ සහ මැද පෙරදිග ඇතැම් කොටස් මේ සඳහා සුවිශේෂී වේ.

කොමර්ෂල් බැංකුවට මෙරට ප්‍රේෂණ සේවා ලබාදීමේ ඉහළම ශක්තියක් බවට පත්වී තිබෙන්නේ බැංකුවේ දිවයින පුරා විහිදුණු බැංකු ශාඛා 268 යි. මෙම බැංකු ශාඛා වලින් කිහිපයක් රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයන්හි පවා ගනුදෙනු සඳහා විවෘත කර තිබේ. බැංකුවේ දිවයින පුරා තිබෙන 940 ක් වන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය ශ‍්‍රී ලංකාවේ තනි පුද්ගලික වාණිජ බැංකුවක් සතුවන විශාලතම ස්වයංක‍්‍රීය මුදල් නිකුත් කිරීමේ පද්ධතියයි. බැංකුව විසින් ප්‍රේෂණ ගනුදෙනුකරුවන් සඳහාම වෙන්වූ පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර ප්‍රේෂණ බැංකුවට පැමිණි විට එය ලබාගැනීම සඳහා පැමිණෙන්නැයි කෙටි පණිවුඩයක් මගින් ඒ බව ගනුදෙනුකරුවන්ට දැනුම් දෙනු ඇත.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශ‍්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.