කොමර්ෂල් බැංකුව නුවරඑළිය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයට අන්තර්ජාල ගෙවීම් පහසුකම් විවර කර දෙයි

    December, 9, 2019

    ආසියාවේ පැරණිතම ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයක් වන නුවරඑළිිය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජය (NEGC) පසුගියදා තම අන්තර්ජාල ගෙවීම් පහසුකම් (IPG) සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව පත්කර ගන්නා ලදි.

    මෙම සේවාව මගින් Visa, Mastercard සහ UnionPay සන්නාම වලින් යුත් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ් පත් හරහා කෙරෙන ගෙවීම් බලාත්මක කිරීම සහ සැකසීම සිදු කෙරේ. නුවරඑළිය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයේ සාමාජික ගාස්තු ද මෙම පහසුකම ඔස්සේ ගෙවීමේ හැකියාවද සැලසේ.

    නුවරඑලිය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයේ අන්තර්ජාල ගෙවීම් සැකසුම් වෙබ් පෝර්ටලය, මාස්ටර්කාඞ් ගෙවීම් ප‍්‍රවේශ සේවාව (MPGS) ඔස්සේ බලගන්වනු ලබන්නේ කොමර්ෂල් බැංකුව විසිනි.

    කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගෙවීම් ප‍්‍රවේශ විසඳුම්, නාමික සංකේතකරණය (tokenisation) ඔස්සේ කලින් ගබඩා කොට ඇති ගනුදෙනුකරුගේ දත්ත අධාරයෙන් ගනුදෙනු කිරීමේ (card-on-file transactions) ක‍්‍රමය නිසා ගනුදෙනුකරුගේ කාඞ් පත් තොරතුරු පද්ධතියෙන් බැහැර රඳවා ගනිමින් වඩාත් ආරක්ෂිත සහ පිරිවැය ඵලදායයී ආකාරයෙන් ගනුදෙනු සඳහා මඟ සලසයි. එසේම නාමික සංකේතකරණය විසින් එය භාවිතා කරන්නනන්ට Payment Card Industry Data Security Standard (PCI-DSS) මගින් අන්තර්ජාල ගනුදෙනු වලදී උපරිම ආරක්ෂාවක් සලසනු ලබයි.

    එපමණක් නොව එය ‘Mastercard Secure Code’ සහ ‘Verified by Visa’ 3D ආරක්ෂක ස්වයංකරණ විසඳුම් සඳහා ආධාරකයක් වෙමින් අංග සම්පූර්ණ වංචාවන් වැළැක්වීමේ මෙවලම්ද සපයනු ලබන අතර PHP, Java සහ C Sharp වැනි බහුවිධ භාෂා පද්ධති සඳහා ඒකීයකරණ විකල්පයන් ද  සපයනු ලබයි. ඊට අමතරව නාමික සංකේතකරණය මගින් විවිධ උපකරණ ඔස්සේ අන්තර්ජාල ගනුදෙනුවල නිරත වන්නන්ට අසීමිත අත්දැකීමක් ලබා දීම සඳහා ද සැලසුම් කොට තිබේ.

    මීට වසර දෙකකට පෙර කොමර්ෂල් බැංකුව විසින් ප‍්‍රතිලාභ රැසක් වෙත ප‍්‍රවේශ විමේ අවකාශද සමගින් නුවරඑලිය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජය සඳහාම විශේෂිත වූ සම සන්නාමගත වර්ල්ඞ් මාස්ටර්කාඞ් ක්‍රෙඩිට් කාඞ් පත් හඳුන්වා දෙන ලදි.

    වසර 1889 දී ආරම්භ කරන ලද නුවරඑලිය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජය ආසියාවේ මෙන්ම ලොවද පැරණිතම ගොල්ෆ් ක‍්‍රීඩා සමාජ අතරින් එකකි. මෙරට තේ වගාවේ නිරත බි‍්‍රතාන්‍ය වැවිලිකරුවන් විසින් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පිහිටුවන ලද මෙය යාර 6399 ක දිගින් යුත් ‘18-hole’ ගොල්ෆ් ක‍්‍රීඩාංගණයකි. වර්තමානයේ සාමාජිකයන් 2000කට අධික සංඛ්‍යාවක් මෙම ක‍්‍රීඩා සමාජය නියෝජනය කරති.

    අඛණ්ඩව වසර 9ක් ලොව විශිෂ්ටතම බැකු 1000 අතරට ශ්‍රේණිගත වීමේ වරම් ලද ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාව පුරා 267කින් යුත් ශාඛා ජාලයක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 856ක් මෙහෙයවීමේ නිරතව සිටී.

    2018 වසරේ ජාත්‍යන්තර හා දේශීය සම්මාන 40කට අධික සංඛ්‍යාවකින් පිදුම් ලද බැංකුව මෙම වසරේ මේ වන විට සම්මාන 25කට අධික සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති අතර වසර 2019 ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් 10 අතරට ශ්‍රේණිගත වීමටද සමත් විය.

    ශ‍්‍රී ලංකාවෙන් බැහැර කොමර්ෂල් බැංකුවේ විදෙස් මෙහෙයුම්ද ඉතා සාර්ථක ලෙස සිදුවන අතර බංග්ලාදේශයේ මෙහෙයුම් ජාලය නියෝජිතායතන 19කින් සමන්විත වේ. මියන්මාරයේ යැන්ගුන් නගරයේ නියෝජිත කාර්යාලයක් සහ නේ පීතාවු නගරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් පවත්වාගෙන යන බැංකුව මාලදිවයිනේ මනාව වර්ධනය වූ I වන ශ්‍රේණියේ බැංකු ශාඛාවක් මෙහෙයවීමේ නිරතව සිටී.

     

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් පත් මධ්‍යස්ධාන ප‍්‍රධානී තුසිත සුරවීර මහතා (වමේ සිට දෙවැන්නා) සහ නුවරඑලිය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජයේ නායක ප‍්‍රියංග හපුගල මහතා බැංකුවේ කාඞ් මධ්‍යස්ථන කළමනාකාර කාලිංග දිවාරත්න මහතා (වම් කෙළවරේ) සහ කනිෂ්ඨ විධායක නිලධාරී විෂාන් ප‍්‍රනාන්දු මහතා ඉදිරියේ අදාළ ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව.