කොමර්ෂල් බැංකුව වසරේ මුල් මාස 09 තුළ ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල පෙන්වයි

    November, 15, 2017

    • ණයපොත රුපියල් බිලියන 707.4 ක් දක්වාත් තැන්පතු රුපියල් බිලියන 818.6 ක් දක්වාත් ඉහළට

    • පළමු වතාවට කොටස්කරුවන්ගේ අරමුදල රුපියල් බිලියන 100 සීමාව පසුකරයි

    • 2017 මුල් මාස 09 තුළ බැංකුවේ සෘජු බදු රුපියල් බිලියන 8.043 ක් වෙයි

     

    ශක්තිමත් මෙහෙයුම් ප‍්‍රතිලාභ සහ දැඩි වියදම් පරිපාලනය හමුවේ 2017 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 ක කාලය තුළදී කොමර්ෂල් බැංකුව මූල්‍ය සේවා සඳහා අගය එකතු කිරීමේ සහ ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 19.718 ක ලාභයක් ලබා තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 20.25% ක වර්ධනයකි.

    මූල්‍ය සේවා සඳහා අයකරන අගය එකතු කිරීමේ බද්ද 11% ක සිට 15% ක් දක්වා ඉහළ දැමීම හමුවේ වුවද මෙම කාල සීමාවේදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 16ග232 ක් වූ අතර එය 16.88% ක වර්ධනයකිග මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව කොළඹ කොටස් වෙළඳපොළට දැනුම් දී තිබෙන්නේ අදාළ කාල සීමාවේදී බැංකුව බදු වලට පසු රුපියල් බිලියන 11.675 ක ලාභයක් වාර්තා කර තිබෙන බවත් එය 15.01% ක වර්ධනයක් බවයි.

    සලකා බලන කාල සීමාව තුළදී බැංකුවේ දළ ආදායම රුපියල් බිලියන 84.568 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය 2016 අදාළ කාල පරිච්ඡේදය සමග සැසඳීමේදී 26.47% ක හෙවත් රුපියල් බිලියන 17.700 ක වර්ධනයකි. මේ සඳහා පොලී ආදායම් 30.03% කින් රුපියල් බිලියන 75.669 ක් දක්වා වර්ධනය වීම හේතුවී තිබේ. මේ අතර, මෙම කාල සීමාව තුළදී බැංකුවේ පොලී වියදම් 39.75% කින් වර්ධනය වී රුපියල් බිලියන 47.427 ක්වී තිබෙන අතර මෙයට මූලික වශයෙන් හේතුවී තිබෙන්නේ මෙම කාල සීමාව තුළදී ස්ථාවර තැන්පතු සඳහා පැවති ඉල්ලූම වර්ධනය වීමයි. මේ අනුව, අදාළ කාල සීමාව තුළදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම 16.44% කින් රුපියල් බිලියන 28.242 ක් දක්වා වර්ධනය වී ඇත.

    අදාළ කාල පරිච්ඡේදය තුළදී බැංකුවේ ගාස්තු සහ කොමිස් ආදායම් 28.67% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 7.330ක් වී තිබෙන අතර මේ හේතුවෙන් මෙම කාල සීමාවේදී බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම් 29.03% කින් රුපියල් බිලියන 6.151 ක් දක්වා වර්ධනය වී තිබේ.

    තුන්වන කාර්තුව අවසානයේදී බැංකුවේ කාර්ය සාධනය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා පැවසුවේ බැංකුව විසින් වියදම් වර්ධනය 6.88% ක් දක්වා සීමාකළ බවත් එය ගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව බැලීමේදී රුපියල් මිලියන 949.114 ක වැඩි වීමක් බවයි. ‘අපගේ අක‍්‍රීය ණය අනුපාතය තවදුරටත් අඩුකර ගනිමින් ප‍්‍රධාන ව්‍යාපාරික අංශවල වර්ධනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ අපගේ ණය පොතේ ගුණාත්මකභාවය අඛණ්ඩවම වර්ධනය කර ගනිමිනුයිල’ යනුවෙන් ධීරසිංහ මහතා පැවසීය.

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසුවේ මේ වසරේ ජූලි මාසයේ සිට ක‍්‍රියාත්මකවීම ආරම්භ වූ නව බාසල් ෂෂෂ රෙගුලාසි වලට අනුව අවශ්‍ය ප‍්‍රාග්ධන අනුපාත මට්ටම් වලට වඩා වැඩි ප‍්‍රාග්ධන අනුපාත මට්ටමක් මේ වසරේ මුල් මාස නමය අවසන් වනවිට කොමර්ෂල් බැංකුව් අත්පත් කරගෙන තිබෙන බවයි. ඔහු තවදුරටත් සඳහන් කළේ බැංකුවේ ප‍්‍රාග්ධන අරමුදල් රුපියල් බිලියන 90 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවත් නව රෙගුලාසි වලට අනුව ශ‍්‍රී ලංකාවේ ලියාපදිංචි බැංකුවක් සතුවිය යුතු රුපියල් බිලියන 20 ක අවම ප‍්‍රාග්ධන මට්ටම් සීමාවට වඩා මෙය ඉහළ මට්ටමක් බවයිග

    මෙම කාල සීමාව තුළදී කොමර්ෂල් බැංකුවේ වත්කම් රුපියල් බිලියන 86.785 ක් හෙවත් 8.57% කින් රුපියල් ටි‍්‍රලියන 1.099 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අනුව, මෙම වර්ධනය පසුගිය මාස 12 ක කාලය සඳහා රුපියල් බිලියන 145.687 ක් වන අතර එය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 12 ක් ඉක්මවයි. එය 15.28% ක වාර්ෂික වර්ධනයකි.

    සලකා බලන කාල සීමාව අවසානයේදී බැංකුවේ ශුද්ධ ණය සහ ලැබීම් රුපියල් බිලියන 707.431 ක්වී තිබෙන අතර එය 2016 දෙසැම්බර් අවසානයේ සිට රුපියල් බිලියන 91.413 ක් හෙවත් 14.84% ක වර්ධනයකි. සාමාන්‍යයෙන් බැලූවිට මසකට රුපියල් බිලියන 10 කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2016 සැප්තැම්බර් මාසයේ සිට බැංකුවේ ණයපොත රුපියල් බිලියන 132.961 කින් හෙවත් 23.14% කින් වර්ධනය වී ඇති අතර ගෙවුණු මාස 12 තුළදී එය මාසයකට රුපියල් බිලියන 11 කට වඩා වැඩි වර්ධනයකි.

    ණය සහ අනිකුත් පාඩු වෙනුවෙන් වෙන්කරණ හානි පූරණය කිරීමේ ගාස්තු සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට බැංකුව අදාළ කාලපරිච්ඡේදය තුළ සමත්ව ඇත්තේ රුපියල් බිලියන 1.804 ක සිට රුපියල් බිලියන 1.494 ක් දක්වා 17.14% ක් දක්වා එම වියදම අඩුකර ගනිමිනි. බැංකුව සඳහන් කරන්නේ අක‍්‍රීය ණය ප‍්‍රමාණය අඩුකර ගනිමින් ණයපොතේ ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම මෙම ජයග‍්‍රහණයට හේතුවී තිබෙන බවයි. 2017 සැප්තැම්බර් 30 වනදා වනවිට බැංකුවේ දළ සහ ශුද්ධ අක‍්‍රීය ණය අනුපාත පිළිවෙලින් 2.02% ක් සහ 1% ක්වී තිබෙන අතර මෙම අනුපාත 2016 දෙසැම්බර් අවසානයේදී 2.18% ක් සහ 1.09% ක් ලෙසත් වසරකට පෙර 2.49% ක් සහ 1.26% ක් ලෙස පැවතුණි.

    2016 දෙසැම්බර් අවසානයේ සිට බැංකුවේ සමස්ත තැන්පතු ප‍්‍රමාණය රුපියල් බිලියන 79.001 කින් හෙවත් 10.68% කින් වර්ධනය වී 2017 සැප්තැම්බර් 30 වනදා වනවිට රුපියල් බිලියන 818.564 ක්වී තිබේ. මෙය සාමාන්‍යයෙන් රුපියල් බිලියන 8.778 ක මාසික වර්ධනයකි. ගෙවුණු මාස 12 ක කාල සීමාව තුළදී බැංකුවේ තැන්පතු පදනම රුපියල් බිලියන 108.107 කින් සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 09 ක ප‍්‍රමාණයෙන් වර්ධනය වී තිබෙන්නේ ගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 15.22% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි.

    පසුගිය වසරේදී ස්වොප් වාරික වර්ධනය වුවත් සලකා බලන කාල සීමාව තුළදී ස්වොප් වාරික අඩුවීම හේතුවෙන් විනිමය ලාභ අඩුවී තිබෙන නිසා සමස්ත මෙහෙයුම් ආදායම් 12ග37‍්‍ර කින් වර්ධනය වී රුපියල් බිලියන 35.962 ක්වී තිබේ. කෙසේවෙතත්, ශුද්ධ මෙහෙයුම් ආදායම 14.14% කින් රුපියල් බිලියන 34.467 ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ අක‍්‍රීය ණය වෙනුවෙන් වෙන්කළ යුතු වියදම අඩුවීම හේතුවෙනි.

    2017 සැප්තැම්බර් 30 වනදා වනවිට බැංකුවේ කොටස්හිමියන්ගේ අරමුදල ප‍්‍රථම වතාවට රුපියල් බිලියන 100 සීමාව පසුකරමින් රුපියල් බිලියන 102.519 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර කොටස් වලට සිදුකළ හිමිකම් නිකුතුවට පසු මෙම අරමුදල රුපියල් බිලියන 24.165 කින් හෙවත් 30.84% කින් වර්ධනය වී තිබේ. ගෙවුණු මාස 12 තුළදී කොටස්හිමියන්ගේ අරමුදල පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 35.31% කින් වර්ධනය වී රුපියල් බිලියන 26.756 ක්වී තිබේ.

    සලකා බලන කාල සීමාව සඳහා බැංකුවේ කොටසකට අදාළ ලාභය රුපියල් 12.30 ක් වන අතර එය 9.82% ක වර්ධනයකි. හිමිකම් නිකුතුවෙන් පසුව කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 103.02 ක්වී තිබෙන අතර එය 2016 දෙසැම්බර් මාසයේ සිට 17.11% ක වර්ධනයකි. මීට අමතරව, බදු වලට පෙර වත්කම් වලට අදාළ ප‍්‍රතිලාභ අනුපාතය 2.06% ක්වී තිබෙන අතර කොටසකට අදාළ ප‍්‍රතිලාභය 17.26% ක්වී ඇත. එසේම, මෙම කාල සීමාව තුළදී බැංකුවේ පොලී අන්තරය 3.58% ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ 2016 සමස්ත වසරට තිබූ 3.47% සාපේක්ෂවයි.

    2017 සැප්තැම්බර් 30 වනදා වනවිට බැංකුවේ පළමු පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 12.30% ක්වී තිබෙන්නේ බාසල් ෂෂෂ අවශ්‍යතාවය වන 6.25% ක මට්ටමට වඩා දෙගුණයක් වර්ධනය වෙමිනි. මේ අතර, සමස්ත ප‍්‍රාග්ධන ප‍්‍රමාණවත් අනුපාතය 16.24% ක්වී තිබෙන අතර නියාමන අවශ්‍යතාවය අනුව තිබිය යුත්තේ 11.75% ක අවශ්‍යතාවයක් පමණි.

    සමූහයක් ලෙස ගත්විට කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ ආයතන සහ සාමාජිකයින් විසින් සලකා බලන මාස 09 ක කාල සීමාව තුළදී රුපියල් බිලියන 16.406 ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 17.13% ක වර්ධනයකි. මේ අතර, සලකා බලන කාල සීමාවේදී බදු වලට පසු ලාභය 15.49% කින් වර්ධනය වී රුපියල් බිලයන 11.774 ක්වී ඇත.

    ශ‍්‍රී ලංකාවේ විශාලතම මෙන්ම වඩාත්ම ලාභදායී පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට වඩාත්ම සම්මානයට පාත‍්‍රවූ මූල්‍ය ආයතනය වන අතර එමගින් ජාතික ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වයි. කොමර්ෂල් බැංකුව 2017 සැප්තැම්බර් මාසය අවසානයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ වෙළඳපොළ ප‍්‍රාග්ධනීකරණය වූ ඩොලර් මිලියන 887 ක ප‍්‍රමාණයෙන් 4.65% කට හිමිකම් කියන ලදී. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ අංශයට වැඩිපුරම ණය සපයා තිබෙන කොමර්ෂල් බැංකුව පසුගිය වසර පහ තුළදී මෙම අංශයට රුපියල් බිලියන 952 ක ණය ලබාදී තිබේ. මීට අමතරව, 2016 වසරේදී මෙරට අපනයන වලින් 17.82% කට සහ ආනයන වලින් 8.36% කට බැංකුව විසින් දායක වී ඇත.

    කොමර්ෂල් බැංකුව මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 700 ක් සහ බැංකු ශාඛා 256 ක් පවත්වාගෙන යන අතර 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 25 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබේ. කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක්ල මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් සහ තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කර ඇත.