කොමර්ෂල් බැංකුව, විස්ඩම් බිස්නස් ඇකඩමියට සහ ඒෂියන් ඉන්ටර්නැෂනල් ඇකඩමියට ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් සේවා ලබාදෙයි

    May, 27, 2020

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අධ්‍යාපන ආයතන දෙකක් විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම ආයතනවල වෙබ් අඩවි මගින් දේශීය සහ විදේශීය සිසුන්ට මෙම ආයතන වලට ඉතාමත් ආරක්ෂාකාරීව අන්තර්ජාලය ඔස්සේ ගාස්තු ගෙවීමේ අවස්ථාව මේ සමග උදාවී තිබේ.

    මේ අනුව, බැංකුවේ අන්තර්ජාල ගෙවීම් සේවාව සමග අලූතෙන්ම ඒකාබද්ධ වී තිබෙන ආයතන අතරට CIMA අධ්‍යාපනයේ මෙරට ප‍්‍රමුඛතම ආයතනයක් වන විස්ඩම් බිස්නස් ඇකඩමි සහ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය අධ්‍යාපන ආයතනයක් ලෙස ප‍්‍රසිද්ධියට පත්ව තිබෙන ඒෂියන් ඉන්ටර්නැෂනල් ඇකඩමි (AIA) හෝල්ඩින්ග්ස් අයත් වේ.

    බැංකුව විසින් මෙම ආයතන දෙක සඳහා ලබාදී තිබෙන IPG සේවාවන්ට ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් අනුමත කිරීම, වීසා, මාස්ටර්කාඞ් සහ යුනියන්පේ සන්නාම වලින් යුතු කාඞ්පත් වලින් කරන සෘජු ගෙවීම් සැකසීම ඇතුළත් වේ.

    මෙහිදී, මෙම ආයතන දෙකේම වෙබ් අඩවි ඔස්සේ සිදුකරන අන්තර්ජාල ගෙවීම් ක‍්‍රියාවලිය සඳහා කොමර්ෂල් බැංකුව විසින් පහසුකම් සපයන අතර ඒ සඳහා සම්පූර්ණයෙන්ම ගෙවීම් කාඞ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප‍්‍රමිති (PCI-DSS) අවශ්‍යතාවයන්ට අනුකූල මාස්ටර්කාඞ් ගෙවීම් ද්වාර සේවාව සපයා තිබේ. මෙය ඉතාමත් ආරක්ෂාකාරී ඊ-වාණිජ්‍යය විසඳුමක් වන අතර මෙහිදී කාඞ්පතේ තොරතුරු ඉතාමත් ආරක්ෂාකාරීව ගෙවීම් සර්වරයේ සැකසෙන අතර එය වෙළඳුන්ගේ පාර්ශවයෙන් සැකසීමක් සිදු නොවේ.

    කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගෙවීම් ද්වාර සේවාව මගින් වංචා මැඩලන සේවා රැසකට ප‍්‍රවේශය ලබාදී තිබෙන අතරට ඒවා අතරට ‘මාස්ටර්කාඞ් සෙක්යෝ කෝඞ්’, ‘වේරිෆයිඞ් බයි වීසා’ ත‍්‍රිමාන ආරක්ෂිත ස්ථීර කිරීමේ විසඳුම, කොමර්ෂල් බැංකුවේ ඊසි ගෙවීමේ සැලසුම සම්පූර්ණයෙන්ම ස්වයංක‍්‍රීයව හැසිරවීමේ අවස්ථාව, ටෝකෙනයිසේෂන් හරහා කාඞ්-ඔන්-ෆයිල් ගනුදෙනු සක‍්‍රීය කිරීම, මිලදීගන්නාගේ කාඞ්පතේ සංවේදී දත්ත වෙළෙඳුන්ගේ පද්ධතියෙන් ඈත්කිරීම ඇතුළත් වේ. මේ අතර, PHP, Java සහ C Sharp වැනි බහුවිධ භාෂා පද්ධතීන්ට මෙමගින් ඒකාබද්ධතා විකල්පයන් ලබාදෙන අතර විවිධ වූ උපකරණ භාවිතා කරන්නන්ට පහසු අත්දැකීමක් ලබාදීම සඳහා නිර්මාණය කර තිබෙන උපකරණ ප‍්‍රශස්ත ගෙවීම් තිර සඳහාද සහයෝගය ලබාදෙයි.

    2002 වසරේදී ආරම්භ කළ විස්ඩම් බිස්නස් ඇකඩමි ශ‍්‍රී ලංකාව තුළ CIMA ඉගැන්වීමේ කටයුතු කරන විශාලතම පාසැල ලෙසින් වරළත් අලෙවිකරණ ආයතනය (CIMA) විසින් නිළ වශයෙන් පිළිගෙන තිබේ. මෙම ආයතනය විසින් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ (CIMA-UK) වරළත් ආයතනය මගින් ග්ලෝබල් ප‍්‍රීමියම් ලර්නිං පාට්නර් තත්ත්වය සහ ISO 9001:2015 තත්ත්ව සහතිකය ලබාගෙන තිබේ. මීට අමතරව, මෙම ආයතනය විසින් දේශීය සහ ගෝලීය CIMA ත්‍යාග ලාභීන් 140 කට වැඩි ප‍්‍රමාණයක් බිහිකර තිබෙන අතර මෙරට CIMA සිසුන්ගෙන් 70% කට වැඩි ප‍්‍රමාණයක් වෙත අධ්‍යාපනික සේවා ලබාදී තිබෙන්නේද මෙම ආයතනයයි.

    2011 වසරේදී ආරම්භ කළ AIA ආයතනය සැලකෙන්නේ ශ‍්‍රී ලංකාවේ තිබෙන වඩාත්ම නව්‍යකරණය වූ අධ්‍යාපන ආයතන වලින් එකක් ලෙසයි. මේ අනුව, අති නවීන අධ්‍යාපන ආයතනයක් ලෙස ගුණාත්මක තත්ත්වයද රැක ගැනීමට මෙම ආයතනය කටයුතු කර තිබෙන අතර මෙරට අති නවීන අන්තර්ජාල ඉගැන්වීමේ පද්ධතිය හඳුන්වා දී තිබෙන්නේ මෙම ආයතනය විසිනුයි.

    මෙම ආයතනය විසින් ශ‍්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ (SLICM) වැඩසටහන් සඳහා අන්තර්ජාල අධ්‍යාපන විකල්පයක් හඳුන්වා දී තිබෙන අතර ශ‍්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයට පිළිගත් සහතිකකරණයක් යටතේ අතිවිශිෂ්ට අයුරින් ඉගැන්වීමේ සේවා ලබාදෙන එකම ආයතනය බවට අඛණ්ඩවම පත්වී තිබීම කැපී පෙනේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී මාලදිවයින බැංකුවට අමතරව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි.