කොමර්ෂල් බැංකුව සිය 100 වන සංවත්සරය සැමරීමට සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනයක් සහ දානමය පින්කමක් සිදුකරයි

    February, 5, 2020

    මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් සිය 100 වන සංවත්සරය සැමරීම සඳහා සිදුකරන ආගමික වැඩසටහන් පෙළේ පළමුවන වැඩසටහන ලෙස පසුගියදා කොමර්ෂල් බැංකු මූලස්ථානයේ සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනයක් සිදුකළ අතර පසුදා මහා සංඝරත්නයට පිරිකර සපිරි දානයක් පිරිනැමීය. මෙම ආගමික වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා, කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා, ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා, අධ්‍යක්ෂවරුන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින්, දිවයින පුරා විහිදුණු බැංකුවේ ශාඛාවල කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මූලස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී විය.

    මෙම ආගමික වතාවත් මගින් පාරිභෝගිකයින්ට, බැංකුවේ කාර්ය මණ්ඩලයට, රටට සහ ජනතාවට සෙත් පැතීම අරමුණ වී ඇතැයි බැංකුව සඳහන් කරයි.

    කොමර්ෂල් බැංකුවේ සියවන සංවත්සරය සැමරීම සඳහා මෙම වසර පුරාම වැඩසටහන් සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර ඒවා අතර මෙරට තිබෙන ප‍්‍රධාන ආගම් හතර පදනම් කරගනිමින් ආගමික වැඩසටහන් මෙන්ම, දිවයින පුරා විසිරී තිබෙන පාසැල් 100 ක් වෙත පහසුකම් සැපයීම සහ නැවත වන වගා ව්‍යාපෘති සිදුකිරීමට බැංකුව සැලසුම් කර තිබේ.

    සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ සියවන සංවත්සරයට සමගාමීව පැවැත්වුණු පිරිත් සජ්ජායනය සහ දානමය පින්කමයි.