කොමෝඩ, ජල කුටීර, කරාම ඇතුළු ජල උපාංග නියාමනයට කැබිනට් අනුමැතිය

    October, 30, 2019

    ජල පාරිභෝගිකයින් විසින් ප්‍රමිතියෙන් තොර උපාංග භාවිත කිරීම හේතුවෙන් ජලය විශාල ප්‍රමාණයක් කාන්දු වීම නිසා අපතේ යන බවත්, ගුණාත්මක බවින් අඩු, ප්‍රමිතියෙන් තොර ජල උපාංග කාණ්ඩ ගණනාවක් ඇති බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් හඳුනාගෙන ඇත.

    ඒ අනුව පාරිභෝගිකයාට දේශීය ජල උපාංග නිෂ්පාදකයන්ට මෙන්ම පාරිසරික වශයෙන් ද ප්‍රතිලාභ ලැබෙන පරිදි, ප්‍රධාන රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කොට, මහජනතාවගේ හා පර්ශවකරුවන්ගේ ද අදහස් මත පදනම්ව, සනීපාරක්ෂක කොමෝඩ, ජල කුටීර සහ ලෝහමය සහ පීවීසී වර්ගයේ ජලය ලබා ගැනීමේ කරාම හා නැවතුම් වෑල්ව යන ජල උපාංග කාණ්ඩ සඳහා හඳුනාගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.