කොරොනා වෛරසයෙන් කොටස් වෙළෙඳපොළට දැඩි බලපෑම්

    January, 28, 2020

    ගෝලීය වසංගත රෝග තත්ත්වයක් බවට මේ වන විට පත්ව ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා රටවල් බොහොමයකම ආර්ථික බලපෑමට ලක්වෙමින් පවතින බව වාර්තා වේ. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළට ද කොරොනා වෛරසයේ බලපෑම එල්ල වෙමින් පවතින බවට මේ වන විට නිරීක්ෂණ කළ හැකිය.

    අද (28) දින ගනුදෙනු ආරම්භ වී මුල් මිනිත්තු 90 ක කාලය තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 50 කින්ද S&P SL20 දර්ශකය ඒකක 20 කින් දපහළ ගොස් තිබුණි. මෙහිදී ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රුපියල් මිලියන 120.45ක් ලෙසිනි.

    මේ අතර ඊයේ (27) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 56.66 ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ර්කක 39.58 ක පහළ යාමක් වාර්තා කළේය.

    ඊයේ දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 181.5 ක් තරම් පහළ අගයයක් ගත් අතර එහිදී විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 20.48 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 9.14 ක් ලෙසින් සටහන් වීම තුළින් කොටස් ගනුදෙනු සඳහා විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉතා පහළ මට්ටමක පවතින බව පෙන්නුම් කළේය.

    මේ අතර චීනයේ Shanghai හා Shenzhen හි කොටස් හුවමාරු සියල්ලක්ම පෙබරවාරි 03 දින තෙක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

    පහත වගුවෙන් දැක්වෙන්නේ ගෝලීය කොටස් වෙළෙඳපොළ පිළිබඳ සටහනක් දැක්වේ.