January, 24, 2020
ආසියානු ෆැසිපික් කලාපය තුළ වර්තමානයේ පැතිරෙමින් පවතින කොරොනා වෛරසයෙන් ගුවන් මගීන්ට සහ ගුවන් කාර්ය මණ්ඩලයට ඇතිවිය හැකි ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රාශියක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් පවසන්නේ, මෙම වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා ශ්‍රීලංකන් ගුවන් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අදාළ කාර්ය මණ්ඩල ද, ගුවන් යානා තුළ සහ ගුවන් තොටුපලවල් තුළ, විශේෂයෙන් ආසියානු පැසිෆික් කලාපය තුළ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් දැනුවත් කර ඇති බවයි.
ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම තත්ත්වය අධීක්ෂණය කරනු ලබන අදාළ ගුවන් සේවා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් හා සම්බන්ධ වී කටයුතු කරනු ලබන බව ද වැඩිදුරටත් නිවේදනය කර සිටී.
Video Story