March, 30, 2020
කොරෝනා ව්‍යසනය හෙවත් COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම උදෙසා අවශ්‍ය නම්‍යශීලීත්වය බැංකු ක්ෂේත්රයට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සදහා සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත. මෙම ක්‍රියාමාර්ග හඳුන්වා දීමේ දී මුදල් මණ්ඩලය විසින් විශේෂයෙන් බැංකු විසින් දැනටමත් රැස් කර ගෙන ඇති ප්‍රාග්ධන අතිරික්තයන් ඇතුළු ව බැංකු ක්ෂේත්රයේ සමස්ත ස්ථායිතාව සැලකිල්ලට ගත් අතර දැනට පවතින හා ඉදිරියේ දී අපේක්ෂිත ද්‍රවශීලතා මට්ටම්, අසාමාන්‍ය ලෙස ආර්ථික කටයුතු බිඳ වැටීම සහ බහුතරයක් ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ ණය පහසුකම් නිසි පරිදි ගෙවා දැමීමට නො හැකි වීම නිසා ඉදිරියේ දී අක්‍රීය ණය ඉහළ යාමට ඇති ප්‍රවණතාව වැනි කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන ලදී.
ඒ අනුව, කොවිඩ්-19 මගින් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්හට සහන සැලසීම සඳහා බලපත්‍රලාභී බැංකු වෙත වැඩිදුරටත් ඉඩකඩ සපයා දීමේ අරමුණින් පහත සඳහන් සුවිශේෂ ක්‍රියාමාර්ග කඩිනමින් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
බැංකු වෙත ලබා දුන් මෙම සහනයන් තම ගනුදෙනුකරුවන්ගේ හා සමස්ත ආර්ථිකයේ ම යහපත උදෙසා යොදා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලු ම බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා සිටින අතර එමගින් බැංකු ක්ෂේත්රයට වඩාත් ශක්තිමත් ලෙස අභියෝගවලට මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇත.
Video Story