කොවිඞ් -19 මඩින සටනේ ඉදිරියෙන්ම සිටින ඩෙටෝල්

    April, 5, 2020

    දශක 5 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සෑම නිවසකම ආදරය හා විශ්වාසය දිනාගත් දැවැන්ත සන්නාමයක් වන ඩෙටෝල් මේ දිනවල ශ්‍රී ලංකාව මුහුණ දී සිටින කොවිඞ් -19 අභියෝගය ජයගැනීමේ ජාතික ප්‍රයත්නයට ඉතා ක්‍රියාකාරීව සිය දායකත්වය ලබා දෙමින් සිටී. ඒ අනුව ඩෙටෝල් විසින් සිය “පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක්” ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ, මේ වන විට රුපියල් මිලියන 3 කට වඩා වැඩි මුදලක් මධ්‍යම ස්ථානවල අත් සේදුම් ඒකක ස්ථාපනය කිරීම සහ රෝහල් වෙත සනීපාරක්ෂක නිෂ්පාදන පරිත්‍යාග කිරීම සඳහා යොදවා තිබේ.

    මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෛරසය පැතිර යාම ආරම්භ වීමත් සමඟ, මහජනයා නිතර නිතර ගැවසෙන කේන්ද්‍රීය ස්ථානවල කඩිනමින් ප්‍රජා අත් සේදීමේ ඒකක ස්ථාපනය කිරීමට ඩෙටෝල් යුහුසුඵ වූ අතර මේ අත් සේදීමේ ඒකක විෂබීජ වලින් සම්පූර්ණයෙන්ම තොර වීමට නිවැරදිව දෑත් සෝදන ආකාරය පිළිබඳව රූපමය අවවාදවලින්ද සම්පූර්ණ විය. මෙම ඒකක අංගොඩ බෝවන රෝග රෝහල, කොළඹ ජාතික රෝහල, කොළඹ දකුණු ශික්ෂණ රෝහල, මීගමුව මහ රෝහල, රාගම ශික්ෂණ රෝහල, මාරවිල රෝහල, මුල්ලේරියාව රෝහල සහ අනුරාධපුර රෝහල යන රෝහල්වල ස්ථානගත කර ඇත. ඊට අමතරව, ඇඳිරි නීතිය පැනවීමට පෙර කොටුව, මරදාන, ගම්පහ, දෙමටගොඩ සහ වේයන්ගොඩ දුම්රිය හා බස් නැවතුම්පොළවල අත් සේදුම් ඒකක ස්ථාපනය කිරීමටද ඩෙටෝල් විසින් කටයුතු යොදා තිබිණි.

    මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් රෙකිට් බෙන්කිසර් ශ්‍රී ලංකා සමාගමේ වාණිජ අධ්‍යක්ෂ සින්ක්ලෙයාර් කෲස් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක නිෂ්පාදන කාණ්ඩයේ ප්‍රමුඛයෙකු වන ඩෙටෝල් සන්නාමය සමාජය වෙනුවෙන් ඇති වගකීම හොඳින් හඳුනන සන්නාමයක්. එනිසා මෙම අසීරු කාලය තුළ සිය පුරවැසියන් ආරක්ෂා කිරීමට ඩෙටෝල් කැප වී සිටිනවා. ඩෙටෝල් “පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක්” ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ අපි මහජනතාව අතර කෝවිඞ් -19 පැතිරීම වැළැක්වීම සඳහා රුපියල් මිලියන 3 කට අධික පිරිවැයක් වෙන් කර ක්‍රියාකාරකම් ගණනාවක්ම ක්‍රියාත්මක කර ඇත්තේ ඒ නිසයි”

    ප්‍රජා අත් සේදුම් ඒකක ස්ථාපනය කිරීමට අමතරව ඩෙටෝල් විසින් සබන්, අත් සෝදන දියර, විෂබීජ නාශක දියර සහ බහුපෘෂ්ඨ පිරිසිදුකාරක වැනි සනීපාරක්ෂක නිෂ්පාදන තොග රෝහල් කාර්ය මණ්ඩලයේ සහ රෝගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අංගොඩ බෝ වන රෝග පිළිබඳ රෝහලට පරිත්‍යාග කර ඇත. තවද, ඩෙටෝල් විසින් ඩිජිටල් මාධ්‍ය හරහා, කෝවිඞ් -19-තවදුරටත් පැතිරීම වැළැක්වීමේ ක්‍රමයක් ලෙස සනීපාරක්ෂාවේ වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට අඛණ්ඩවම කටයුතු කරයි.

    මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් රෙකිට් බෙන්කිසර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි ප්‍රධානී ෂමින්ද පෙරේරා මහතා මෙසේ පැවසීය. “වර්තමාන තත්වයන් අනුව වැළැක්වීමට උත්සාහ කිරීම ඉතා වැදගත් කාරණයක් බව අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අපි විශාල උත්සාහයක් දරන්නේ ඒ නිසයි. වර්තමාන තත්වය උත්සන්න වුවහොත් එය සමාජයේ සෞඛ්‍ය හා ආර්ථික යහපැවැත්මට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බව පැහැදිලියි. ඒ නිසා නිසි සනීපාරක්ෂක පුරුදු සහ සමාජ දුරස්ථභාවය පිළිපැදීමෙන් සමාජය කෙරෙහි තම තමන්ගේ වගකීම ඉටු කරන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොවිඞ් -19 ට එරෙහි සටනේදී අපි සන්නාමයක් ලෙස රජයට සහ අදාළ බලධාරීන්ට අවශ්‍ය සහයෝගය අඛණ්ඩවම ලබා දීමට කැපවී සිටිනවා”