කොවිඩ්-19 වසංගතය හමුවේ 2020 පළමු භාගයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ලාභය 55%කින් ඉහළ යයි

    August, 12, 2020

    ශී‍්‍ර ලංකා ටෙලිකොම් පී.එල්.සී (SLT) සමූහය 2020 මුල් භාගය සඳහා මූල්‍ය ප‍්‍රතිඵල නිකුත් කළ අතර එහි මෙහෙයුම් ලාභය 55% ක කැපී පෙනෙන වර්ධනය සහිතව  රුපියල් බිලියන් 6.9 කට ළඟාවීමට කොවිඞ් - 19 වසංගතය හමුවේ ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද සමත්ව ඇත.

    2020 මුල් මාස හය තුළ සමූහ ආදායම 3.6% ක මධ්‍යස්ථ වර්ධනයක් සහිතව රුපියල් බිලියන 44.1 ක් වාර්තා කරන අතර මූලික වශයෙන් එහි සහන පැකේජ සහ පාරිභෝගිකයන්ට වසංගත කාලවලදී උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි ජංගම හස්ථ මොබිටෙල් (පුද්) සමාගම සමග එක්ව නොමිලේ දත්ත ලබාදීම ඊට බලපා තිබේ.  වසංගතය හේතුවෙන් ආයෝජන ව්‍යාපෘතිවල අනපේක්‍ෂිත ප‍්‍රමාද සිදුවීමද ඉහළ ආදායම් වර්ධනයට අහිතකර ලෙස බලපා තිබේ. කෙසේ වෙතත් නිවෙස්වල සිට සේවය කිරීම හේතුවෙන් ගෘහස්ථ සහ ව්‍යාපාරික අංශවල බ්‍රෝඞ්බෑන්ඞ් (Brodband), අයිපීටීවී (IPTV) සහ වෘත්තීය ව්‍යාපාර (Career Business) සේවාවන්හි භාවිතය ඉහළ යාම නිසා නිවාස සහ බොහෝ අධ්‍යාපන හා ව්‍යාපාරික ආයතන තාවකාලිකව වසා දැමීම (SLT) සමූහයේ ආදායම ඉහළ නැංවීය.

    දැඩි පිරිවැය කළමනාකරණ පියවර තුළින් ක්ෂය සහ ලියාහැරීම් වලට පෙර මෙහෙයුම් පිරිවැය වසරින් වසර 7% කින් අඩු කළේය. පෙර වසරේ 33.4% සිට EBITDA ආන්තිකය 40.5% දක්වා ඉහළ නැංවීය. සමූහයේ EBITDA රුපියල් බිලියන 17.8 කින් එනම් 25%කින් ඉහළ ගොස් ඇත. පොලී සහ මූල්‍ය පිරිවැය රුපියල් බිලියන 0.6 සිට බිලියන 1.4 දක්වා වැඩි වී ඇත. ගෝලීය තාක්‍ෂණික ප‍්‍රවණතා සමග ගැළපෙන පරිදි සහ වෙනස්වන පාරිභෝගික ඉල්ලීම සපුරාලීමට වර්ධනය වන ප‍්‍රාග්ධන වියදම් සඳහා මුදල් යෙදවීමට ණය ගැනීම් වැඩි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස කොවිඞ් - 19 වසංගතයේ අහිතකර බලපෑම් හේතුවෙන් පැන නගින ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණයවීම හේතුවෙන් සමූහයේ විදේශ විනිමය පාඩුව රුපියල් බිලියන 0.9 කි. පසුගිය වසරේ එම කාලය තුළ පාඩුව රුපියල් මිලියන 15 ක් විය. සමූහයේ අනෙකුත් ආදායම් රුපියල් බිලියන 0.5 දක්වා 85% කින්  ඉහළ ගොස් සමූහ ලාභ වැඩි දියුණු කළේය.

    බදුවලට පෙර සමූහ ලාභය රුපියල් බිලියන 5.7 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 22% ක වර්ධනයකි.               බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 4.6 සහිතව වසරින් වසර ක් එනම් 31% ක වැඩිවීමක් පෙන්නුම් කරයි. ආදායමේ වර්ධනය සහ කාර්යක්‍ෂම පිරිවැය කළමනාකරණය හේතුවෙන් බදු පසු ලාභ ආන්තිකය 8.2% සිට 10.4% දක්වා ඉහළ ගොස් තිබේ.

    සමූහයේ අදායම් රැස්කිරීම් වසංගතයේ මුල් අවධියේදී පහත වැටීමට පාරිභෝගිකයින්ගේ ආදායම් පහත වැටීමද බලපෑවේය. කෙසේ වෙතත් සමූහය කාර්යක්‍ෂම එකතු කිරීමේ උපායමාර්ග හේතුවෙන් වසංගතයේ පසුකාලීන අවස්ථාවේ රැස්කිරීම් වල ප‍්‍රගතිය නිසා, මුදල් ප‍්‍රවාහය සාමාන්‍යකරණය විය. නොගෙවූ ග‍්‍රාහකයින් විසන්ධි  කිරීමෙන් වැළකී සිටීමට ලැබී තිබුණූ නියාමන උපදෙස්ද බිල් කළ ආදායම එකතු කිරීමේදී අභියෝගයක් විය. කළමනාකරණය කළ ලාභය සහ කාර්යක්‍ෂම බිල් එකතු කිරීම, ප‍්‍රාග්ධන වියදම් තීරණාත්මක ප‍්‍රදේශවලට සීමා කිරීම සහ ඉදිරි ගෙවුම් සහිත මිළදිගැනීමේ සැලසුම් ආදිය හේතුවෙන් අදාළ කාලසීමාව අවසානයේ රුපියල් බිලියන 6.5 ක මුදල් හ මුදල් සමාන වත්කම් හි ධන ශේෂයක් වාර්තා කරන ලදි.

    2020 මුල් භාගය තුළදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් රුපියල් බිලියන 8.1 ක් ශ්‍රී ලංකා රජයට සෘජු හා වක‍්‍ර බදු ලෙස ගෙවා ඇත.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වීය.

    ‘‘2020 මුල් භාගය සඳහා අපගේ මූල්‍ය ප‍්‍රතිඵල අප සතුටින් ප‍්‍රකාශයට පත් කරන අතර  ඒ තුළින් ශ්‍රී ලංකාවේ හොඳම සමාගම්වලින් එකක් බවට පත්වීමේ අපගේ වර්ධනය වන ශක්තිය නැවත වරක් තහවුරු විය. කොවිඞ් - 19 වසංගතය මීට පෙර අප බොහෝදෙනා අත් විඳ නැති ආකාරයේ අභියෝග රාශියක්  ව්‍යාපාරික නායකත්වයට ඉදිරිපත් කර තිබේ. වසංගතය විසින් ගෙන එන ලද පෙර නොවූ විරූ අභියෝග කල් තියා කළමනාකරණය කිරීම සඳහා එක් සමීප ඒකකයක් ලෙස එක්ව කටයුතු කිරීම පිළිබඳව මගේ කළමනාකරණ කණ්ඩායම සහ මගේ කාර්ය මණ්ඩලයට මගේ කෘතවේදීත්වය පළ කරමි. අප විසින් අඛණ්ඩ සේවාවක් පවත්වා ගෙන යන අතරම අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සහන පැකේජ සහ නොමිලේ දත්ත පිරිනමා ඇත්තෙමු. අපගේ සාර්ථකත්වයට මූලික හේතුව සංවේදනය සහ සේවකයින්, ව්‍යාපාරික හා ප‍්‍රජා හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් සමග සම්බන්ධවීමේ හැඟීම  බව මම විශ්වාස කරමි. තවදුරටත් මෑතදී ඇති වූ වසංගත තත්වය තුළ අපගේ සියලූ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සහ යහපැවැත්ම අප සහතික කළ බවද සඳහන් කළ යුතුය.’’

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

    ‘‘මෙම අභියෝගාත්මක අවස්ථාවේදී අපගේ සේවකයින්ගේ, ගනුදෙනුකරුවන්ගේ සහ අනෙකුත් ප‍්‍රධාන පාර්ශවකරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂක පියවර කෙරෙහි අවධානය යොමු කරමින් අපගේ සැපයුම් දාමය, ශ‍්‍රම බලකායේ චලනයන් සහ මූල්‍ය ද්‍රවශීලතාවය පවත්වාගෙන යෑම  අත්‍යවශ්‍යය වේ. විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන සමාගමක් ලෙස, අප විසින් දිගුකාලීනව හිමිකාර සමාගම සහ පරිපාලිත සමාගම් අතර සහයෝගීතාව නෙළා ගැනීම උදෙසා  විවිධ උපාය මාර්ග ආරම්භ කර ඇති අතර එස්.එල්.ටී හියුමන් කැපිටල් සොලූෂන් (පුද්) සමාගමේ ^HCS) කොන්ත‍්‍රාත් සේවකයින් SLT සමාගමේ ස්ථිර සේවකයන් ලෙස අන්තර්ග‍්‍රහණය කිරීම එහි එක් මූලික පියවරක් වන අතර එය කාර්ය මණ්ඩලය සහ කළමනාකාරීත්වය අතර ඇති බැඳීම ශක්තිමත් කරයි.’’

    ශ්‍රී ලංකා ටෙලිකොම් පරිපාලක සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා මෙසේ පැවසීය.

    ‘‘වගකිවයුතු ආයතනික පුරවැසියකු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අපගේ ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමාගම සහ මනුසත් දෙරණ හා එක්ව ‘ස්මයිල් විතින්’ (SMILE WITHIN) යන තේමාව යටතේ මුහුණ ආවරණ මිලියනයක් පරිත්‍යාග කිරීම ඇතුළු විවිධ ආයතනික සමාජ වගකීම් ක‍්‍රියාකාරකම්වල නිරත වේ. එමෙන්ම රටේ පවත්නා කාලීන අවශ්‍යතාවයක් හා සමාජ දුරස්ථ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවයට ප‍්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සිසුන්ට දුරස්ථ ඉගෙනීමට පහසුකම් සැලසීම සඳහා AL කුප්පිය (AL Kuppiya) සහ ඊ සිප්හල (e-Siphala) ඩිජිටල් ඉගෙනුම් වේදිකා දියත් කර ඇත. තවද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලංකා සතොස ලිමිටඞ් සමග අත්වැල් බැඳගෙන ඔන්ලයින් සිල්ලර වෙළෙඳසැලක් නිර්මාණය කළ අතර කෘෂිකාර්මික හා ගොවි නිෂ්පාදනවල වෙළෙඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම උදෙසා දකුණු ආසියාවේ ප‍්‍රථම වතාවට ‘හෙළවිරු’ ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක් එපික් (EPIC) ආයතනය සමග අත්වැල් බැඳගෙන දියත් කළේය . 

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ප‍්‍රියන්ත ෆර්නැන්ඩස් මහතා මෙසේ පැවසීය.

    ‘‘කොවිඞ් - 19 වසංගතය නිසා ඇති වූ අනපේක්‍ෂිත අභියෝගයන් ජාතික තන්තුකරණය යටතේ FTTH (ෆයිබර් නිවසට) සම්බන්ධතා සැපයීම සඳහා වේගවත් තන්තු පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යෙදවීම යම්තාක් මන්දගාමී වුවද, අප විසින් රට පුරා තන්තු පද්ධතිය පුළුල් කරමින් අප පාරිභෝගිකයන් හට අපගේ වටිනා අතිශය වේගවත් අත්දැකීමක් ලබාදීම සඳහා සාර්ථකව කටයුතු කරමින් සිටී. SLT සමාගම මෑතක දී තන්තු මඟින් බල ගැන්වෙන දත්ත සහ හ`ඩ විසඳුම් ලබාදීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමග ගිවිසුමක් අත්සන් කරන ලදී. තවද, රට පුරා බොහෝ ව්‍යවසායන්හි නවීන අවශ්‍යතා සපුරාලීම සඳහා පිටිපන පිහිටි නවීන Tier III දත්ත මධයස්ථානයේ ක‍්‍රියාත්මක වන SLT Akaza Cloud  පවුලට අලූත්ම එකතු කිරීමක් ලෙස මයික්‍රොසොෆ්ට් අසුර් ස්ටැක් හබ් (Microsoft AZure attack Hub) හඳුන්වා දෙන ලදී”.