කොළඹ කොටස් අවුරුදු 7කින් ආපස්සට යයි. සියලු කොටස් 5,200 න් මෙපිටට එයි

    May, 16, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක ඊයේ (15) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 5,199.98 ක් දක්වා පහළට වැටිණි. මෙය 2012 අගෝස්තු 30 දිනෙන් පසු, සියලු කොටස් මිල දර්ශකවෙහි වාර්තා වූ අවම අගය ලෙසින් වාර්තා වේ.

    මේ අතර ඊයේ දිනය තුළ දී පමණක් ඒකක 23.71 කින් සියලු කොටස් මිල දර්කය පහළ ගිය අතර එය අඛණ්ඩව මිල දර්ශක පහළ ගිය 10 වෙනි දිනය ලෙසින් සටහන් වේ.

    දිනය තුල ගනුදෙනුවලින් වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 388.62 කි. 2019 වසරේ මේ දක්වා කාලය තුළ කොටස් වෙළෙඳපොළ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 555.9 ක් ලෙසින් වාර්තා වන අතර එය 2018 වසරේ දී රුපියල් මිලියන 834 ක් ලෙසින් වාර්තා විය.