කොළඹ කොටස් මාස 06 ක් තුළ අවමයට පැමිණෙයි

    June, 13, 2018

    අඛණ්ඩව 6 වන දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනයේ දී පහල වැටුණු අතර පසුගිය මාස 06 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ අවම අගය දක්වා සියලු කොටස් මිල දර්ශක අගය මේ වන විට පැමිණ ඇත.

    ඊයේ (2016 ජූනි 12) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,348.53 ක් ලෙසින් සටහන් වූ අතර එය 2017 දෙසැම්බර් 22 න් පසු වාර්තා වූ අවම අගය වේ.

    ඊයේ වාර්තා වූ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 876.4 කි. මෙය 2018 වසරේ මේ දක්වා වාර්තා වන සාමන්‍ය දෛනික පිරිවැටුම වන රුපියල් මිලියන 969.4 ට වඩා අඩු අගයයකි.

    තවද ඊයේ දිනයේ  දී රුපියල් මිලියන 33 ක ශුද්ධ විදේශීය විකුණුම් වාර්තා වූ අතර වසරේ මේ දක්වා වාර්තා වන ශුද්ධ විදේශීය ගලායාම් වටිනාකම රුපියල් මිලියන 527.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.