කොළඹ කොටස් වෙළෙඳපොළ – විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව ඉහළට

    May, 28, 2020

    දීර්ඝ කාලයක් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා වසා දැමීමෙන් පසු, පසුගිය මැයි 11 දින දෛනික සාමාන්‍ය ගනුදෙනු සඳහා එය විවෘත වූ අතර එතැන් සිට මේ දක්වා ගනුදෙනු කාලපරිච්ඡේදය තුළ මුල් වරට ශුද්ධ විදේශීය ආයෝජන ගලා ඒමක් ඊයේ (27) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා විය.

    ඒ අනුව ඊයේ දින විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 300 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීව විකිණුම් වාර්තා වූයේ රු. මිලියන 180 ක් වශයෙනි. මේ අනුව ඊයේ දින ගනුදෙනු හරහා රු. මිලියන 120 ක ශුද්ධ විදේශීය ගලා ඒමක් වාර්තා වී තිබේ.

    මැයි 27 දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.37 ක් ලෙසින් දැක්වුණු අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.07 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.19 ක් ලෙසින් සටහන් විය.

    ඊයේ දින ගනුදෙනු අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශකය ර්කක 19.79 කින් ඉහළ ගොස් ඒකක 4,800.01 ක් ලෙස වාර්තා වෙමිනි මෙය පෙර දිනයට සාපේක්ෂව 0.41% ක ඉහළ යාමක් වන අතර S&P SL20 දර්ශකය ඒකක 17.16 ක හෙවත් 0.86% ක වර්ධනයක් වාර්තා කරමින් දිනය අවසානයේ දී ඒකක 2,014.36 ක් ලෙසින් වාර්තා විය.

    සියලු කොටස් මිල දර්ශකයේ  ඉහළ යාම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ඩිස්ටිලරීස් සහ ඩයලොග් ඇතුළු සමාගම් 82 ක් ධනාත්මත දායකත්වයක් ලබා දෙන ලදී.

    කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑමෙන් පසු කොටස් වෙළෙඳපොළ වසා දමා නැවත ගනුදෙනු සඳහා විවෘත වූ පළමු සති දෙක තුළ දී ශුද්ධ විදේශීය ආයෝජන ගලා යාම් ඉතා ඉහළ මට්ටමක පැවතුණි.

    එහිදී පළමු සතිය තුළ දී රු. බිලියන 3.5 ක් හා දෙවන සතිය තුළ දී රු. බිලියන 3.4 ක් ලෙසින් ශුද්ධ විදේශීය ගලා යාමක් වාර්තා විය.

    මැයි 11-15 සතිය

    මැයි 18-22 සතිය