කොළඹ නගරයට අලුතෙන්ම එක්වන උද්‍යානය අද ජනතා අයිතියට

    June, 12, 2018

    බේරේ වැව නැඟෙනහිර ඉවුර සංරක්ෂණය හා රේඛීය උද්‍යානය අද (12) ජනතා අයිතියට පත් කෙරේ.

    කොළබ නගරයේ ජල මූණත් සංවර්ධනය කිරීම සඳහා කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සිදු කර ඇත.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් වෙයි.

    ලෝක බැංකු ආධාර යටතේ දසලක්ෂ 700ක් වැය කරමින් නැඟෙනහිර සහ බටහිර බේරේ ඉවුරු ප්‍රතිසංස්කරණය කර ඇත.