කොළඹ-නුවර අධිවේගිය ඇරඹේ

    August, 3, 2015

    කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල පළමු අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03) ආරම්භ කරන බව රජය සඳහන් කරයි.

    කොළඹ නුවර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කඩවත සිට මීරිගම දක්වා සිදුකරන බවත් මෙහි දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන්ය.

    මෙම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර කුරුණෑගල සිට මහනුවර දක්වා ඉදි කිරීමට නියමිත බව රජය පවසයි.

    මෙම අධිවේගී මාර්ගයේ කොස්සින්න සිට මීරිගම දක්වා කිලෝ මීටර් 32.55 ක් වන කොටස ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව රජය විසින් පසුගියදා අනුමත කළේය.

    Video Story

    Stock Market

    Exchange Rates