කොළඹ මහල් නිවාස 13 ක් නැංවීමට යයි

    August, 6, 2015

    කොළඹ නගරයේ මහල් නිවාසවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 143 ක මුදලක් යෙදවීමට රජය සූදානම් වේ.

    මේ අනුව, මහල් නිවාස ව්‍යාපෘති 13 ක නිවාස 1,700 ක් සඳහා මෙම ව්‍යපෘතිය මගින් සෙත සැලසෙන බව රජය සඳහන් කර ඇත.

    බෝලමේසවත්ත නිවාස ක්‍රමය, වේළුවනාරාම නිවාස ක්‍රමය, ඇල්විටිගල නිවාස ක්‍රමය, මල්ලිකාරාම නිවාස ක්‍රමය, සෙන්ට්‍රල් පාර නිවාස ක්‍රමය, කම්මල්වත්ත නිවාස ක්‍රමය, ජුම්මා මස්ජීඩ් නිවාස ක්‍රමය, දිසානායක වත්ත නිවාස ක්‍රමය, අලුත් මාවත නිවාස ක්‍රමය, ඩයස් පෙදෙස නිවාස ක්‍රමය, බ්ලූමැන්ඩල් නිවාස ක්‍රමය, ශාන්ත ජේම්ස් වීදිය නිවාස ක්‍රමය, අලුත් කඩේ නිවාස ක්‍රමය මෙම මහල් නිවාසයි.

    Video Story

    Stock Market

    Exchange Rates