කොළඹ වරායට CCTV කැමරා පද්ධතියක්

    February, 7, 2020

    වරාය පරිශ්‍රයට ඇතුළු වන සියලුම ප්‍රවේශ, ගුදම්, පර්යන්ත විවෘත ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් සහ වරාය දියකඩන ප්‍රවේශ ආවරණය වන පරිදි එම ස්ථානවල සිදුවන සියලුම ක්‍රියාකාරකම් නිරීක්ෂණය වීම, අධීක්ෂණය වීම හා පටිගත වීම සිදු කිරීමට ආරක්ෂක කැමරා පද්ධතියක් (CCTV Camera) ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

    එමඟින් කොළඹ වරායේ ආරක්ෂාව වඩාත් තහවුරු විම, ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළ යාම සහ කොළඹ වරායේ වාණිජමය කටයුතු සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වීම සිදු වේ.

    ඒ අනුව, එම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණ ඇගයීම් කමිටුවක් පත් කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.