කොළඹ වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීම චීනයේ Petroleum Pipeline Engineering ට පවරයි

    April, 5, 2018

    කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගංවතුර පාලනය කිරීම සඳහා නව මුතුවැල්ල සහ ටොරින්ටන් ප්‍රදේශවල වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.

    මේ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s China Petroleum Pipeline Engineering Co. Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.