කොළඹ විශ්වවිද්‍යාලය සහ CIMA අතර අවබෝධතා ගිවිසුමක්

    May, 10, 2019

    උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය (CIMA) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත.

    මෙම ගිවිසුමට එළඹීම මඟින් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා වරලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ පාඨමාලා හැදෑරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ ගිණුම්කරණ පාඨමාලාවන්හි ගුණාත්මක බව වර්ධනය කිරීම සහ කොළඹ විශ්වවිද්‍යාලය හා වරලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනය අතර සහයෝගිතාව වර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

    ඒ අනුව, කොළඹ විශ්වවිද්‍යාලය හා වරලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.