කොළඹ – සිංගප්පුරු එමිරේට්ස් ගුවන් ගමන් නවතී

    August, 17, 2018

    කොළඹ සහ සිංගප්පූරුව අතර සෘජු ගුවන් ගමනේ යෙදුණු සිය EK348 හා EK349 යානාවන් හි මෙහෙයුම් කටයුතු එළඹෙන ඔක්තෝබර් මාසයෙන් පසුව නවතා දමන බව එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කර සිටී.

    මේ අනුව කොළඹ සිට සිංගප්පූරුව දක්වා ක්‍රියාත්මක වන අවසන් ගුවන් වාරය 2018 ඔක්තෝබර් 27 දින ක්‍රියාත්මක වීමට නියමිත අතර සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා පියාසර කරන අවසාන එමිරේට්ස් යානය ඔක්තෝබර් 28 දින පැමිණීමට නියමිතය.

    මෙම ගුවන් වාර අත්හිටුවීම හේතුවෙන් සිය ගුවන් මගීන්ට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් කණගාටුව පළ කරන එමිරේට්ස් ගුවන් සේවය වැඩිදුරටත් කියා සිටින්නේ ව්‍යාපාරික හා විශ්‍රාන්ති ගමනාන්තයක් ලෙසින් ශ්‍රී ලංකාව ඉතා වැදගත් බවත් ඉදිරියේ දී ශ්‍රී ලංකා වෙළෙඳපොළ සමඟ ඩුබායි හි සිට සෘජුව සම්බන්ධතා පවත්වන බවත්ය.