කෝලි – අනුෂ්කා විවාහ වූ ඇමරිකානුවෙකුට අයත් වසර 800 ක් පැරණි ඉතාලි ගම්මානයේ තොරතුරු මෙන්න

    December, 12, 2017

    ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා අතර විවාහ මංගල්‍යය ඉතාලියේ දී සිදුකෙරුණු බව විදෙස් මාධ්‍ය විසින් මේ වන විට අනාවරණය කර තිබේ.

    ඉතාලියේ Tuscany හි සිදුකෙරුණු මෙම විවාහ මංගල්‍ය පිළිබඳ තවත් සිත්තාගන්නාසුළු ප්‍රවෘත්ති කිහිපයක් විදෙස් පුවත් සේවා මගින් අනාවරණය කර ඇති අතර එහිදී මංගල උත්සවය ගත් ස්ථානය හා ඊට සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක්ම හෙළිදරව් කර ඇත.

    Tuscany හි Borgo Finocchieto නම් නිකේතනයේ දී කෝලි - අනුෂ්කා විවාහ මංගලෝත්සවය පවත්වා තිබේ. Forbes වාර්තාවලට අනුව මෙම නත්තල් සහ නව අවුරුදු සමයේ දී ලොව දෙවැනියට මිල අධිකතම නිවාඩු නිකේතනය ලෙසින් මෙය හැඳින්වේ.

    අක්කර 6 ක් පුරා විහිදුණු මෙම භූමිභාගයෙහි අමුත්තන් 44 දෙනෙකුට සේවා සැපයිය හැකි ආකාරයේ විලා නිවාස 22 ක් වේ. මෙම පරිශ්‍රය පුරාවට අධිආරක්ෂාවක් සපයා ඇති අතර එය අනාරාධිත පුද්ගලයින්ට කිසිසේතම ප්‍රවේශ විය හැකි ස්ථානයක් නොවේ.

    ඉතාලියේ හිටපු ඇමරිකානු තානාපතිවරයා වූ John Phillips හා තවත් තිදෙනෙකු එක්ව මෙම පැරණි ගම්මානය මිලදී ගෙන  Borgo Finocchieto වර්ග අඩි 30,000 කින් යුතු ගම්මානය නැවත පිළිසකර තිබේ.

    වසර 800 ක් පමණ පැරණි මෙහි එක් කාමරයක පසුගිය මැයි මාසයේ දී හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා ද නවාතැන් ගෙන ඇත.

    ඉතාලියේ මිලාන් හා ෆ්ලොරන්ස් යන ගුවන්තොටුපළ දෙකටම මෙහි සිට සම්බන්ධ විය හැකි අතර මිලාන් නුවර සිට කිලෝමීටර 372 ක දුරකින් Borgo Finocchieto පිහිටා තිබේ.

    ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් වාර්තාවට අනුව මෙම නිකේතනයේ මිල ගණන් මෙසේ වේ.

    Daily rates: Manor house (nine suites) is priced at EUR 6,480 plus taxes (₹4.91 lakh approx)

    Borgo in exclusive use (includes all five houses, 22 rooms) costs EUR 45,969 (₹34.87 lakh approx) for 44 guests in three days