ක‍්‍රිස්බ්‍රෝ සරසවි අධ්‍යාපනය නිමකළ තරුණ තරුණියන් සඳහා නිපුණතා පුහුණුව සපයයි

    February, 19, 2020

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, සිය සමස්ත සේවකයින්ගේ දූදරුවන් ඇගයීමට ලක් කරන ප‍්‍රමුඛතම ආයතනික වගකීම් ප‍්‍රවේශයක් වන සිසුදිරිය වැඩසටහන මගින් විවිධ විෂය ධාරාවන් ඔස්සේ සරසවි අධ්‍යාපනය සහ වෘත්තීමය පුහුණුව නිම කළ තරුණ තරුණියන් සඳහා ක‍්‍රිස්බ්‍රෝ ආයතනය තුළ නිපුණතා පුහුණුව ලබා දීම අරඹා ඇත. 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී උත්කර්ෂවත් අන්දමින් ගම්පොළ ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති සිසුදිරිය අවසන් වැඩසටහනේදී තරුණ තරුණියන් 115 දෙනෙකුට ඉදිරි වසරේදී නිපුණතා පුහුණුව ලබා දීමට ක‍්‍රිස්බ්‍රෝ සමාගම පියවර ගන්නා ලදි.

    අලෙවිකරණය, විකුණුම්, තොරතුරු තාක්ෂණය, කෘෂිකර්මය, ගණකාධිකරණ, සත්ව පාලනය , මූල්‍ය, රසායනාගාර නිලධාරී ආදී විවිධ විෂය ධාරාවන් ඔස්සේ මෙම නිපුණතා පුහුණුව ඔවුන් වෙත හිමිවනු ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ සේවය කරන සේවක ප‍්‍රජාවගේ දූදරු සුභසාධනය සහ සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ක‍්‍රියාත්මක වන ක‍්‍රිස්බ්‍රෝ සිසුදිරිය වැඩසටහන පුළුල් වැඩසටහන් ගණනාවක් ඔස්සේ දූදරු සුභසාධනය සඳහා වාර්ෂිකව විශාල මූල්‍යමය දායකත්වයක් ලබා දෙයි. නිපුණතා පුහුණුව සඳහා තෝරා ගන්නා ලද තරුණ තරුණියන් ද ක‍්‍රිස්බ්‍රෝ සේවක මණ්ඩලයේ දරුදැරියන් අතුරින් තෝරා ගෙන ඇත. පසුගිය වසර තුළ මෙලෙස නිපුණතා පුහුණුව සඳහා තෝරා ගන්නා ලද තරුණ තරුණියන් අතුරින් 12 දෙනෙකු ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ විවිධ අංශයන් හි රැකියාවන් වෙත බඳවා ගෙන ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ හි සමූහ මානව සම්පත් හා පරිපාලන කළමනාකාර රංජන මහින්දසිරි මහතා ‘‘ සරසවි අධ්‍යාපනයෙන් අනතුරුව රැකියාවන් සඳහා යොමුවීමේදී බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලූවක් වන්නේ පුද්ගලික අංශය අපේක්ෂා කරන නිපුණතාවන් ඔවුන් තුළ නොවීමයි. ක‍්‍රිස්බ්‍රෝ සිසුදිරිය වැඩසටහන මේ තත්වය පිළිබඳව වටහා ගනිමින් සරසවි අධ්‍යාපනය නිම කළ අපගේ සේවක ප‍්‍රජාවගේ දූදචරුවන් සඳහා ඔවුන් හදාරා ඇති විෂයධාරාවන්ට අනුව නිපුණතා පුහුණුවක් ලබා දෙනවා. ක‍්‍රිස්බ්‍රෝ සමූහය ක්ෂේත‍්‍ර ගණනාවක පැතිර ඇති බැවින් ක්ෂේත‍්‍ර ගණනාවක් යටතේ තරුණ තරුණියන්ගේ රැකියා පුහුණුව අපට ලබාදිය හැකියි. පසුගිය වසරේදී අප විසින් පුහුණු කරන ලද තරුණ තරුණියන් ගණනාවකට ක‍්‍රිස්බ්‍රෝ ආයතනය තුළ විවිධ ක්ෂේත‍්‍රයන් හි රැුකියාවන් ලබා දීමට අපට හැකියාව ලැබුණා’’යනුවෙන් පැවසීය.

    ක‍්‍රිස්බ්‍රෝ සේවකයින්ගේ දූදරු සුභසාධනය සඳහා වෙන්වූ ක‍්‍රිස්බ්‍රෝ සිසුදිරිය සෑම වසරකදීම සමාගමේ සියලූ ව්‍යාපාරික මධ්‍යස්ථානයන් (Business Locations) ආවරණය වන පරිද්දෙන් පාසල් දරුවන් සඳහා පොත් සහ පාසල් උපකරණ, පහ වසර ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළම සාමාර්ථයන් ලබා ගන්නා දූ දරුවන් සඳහා සරසවි අධ්‍යාපනය තෙක් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම, ආදී දරුවන් දිරිගැන්වීම සඳහා මූල්‍යමය දායකත්වයන් ලබා දෙයි.

    මීට අමතරව ක‍්‍රිස්බ්‍රෝ සේවක දූදරු කුසලතා නැංවීමේ අරමුණෙන් වාර්ෂික චිත‍්‍ර තරග, වැඩමුළු සහ සමාගම මගින් සියලූ ව්‍යාපාරික මධ්‍යස්ථාන (Business Locations) ආවරණය වන අයුරින් පවත්වනු ලබන සංගීත සහ නර්තන තරගවලින් ජයගන්නා දූදරුවන් වෙත මූල්‍යමය දායකත්වයන් දැක්වීම මෙන්ම වාර්ෂික සිසුදිරිය වැඩසටහනේදී එම හැකියාවන් එළිදැක්වීමට වේදිකාවක් ද නිර්මාණය කරයි.

    මිට අමතරව ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ ව්‍යාපාරික මධ්‍යස්ථාන ආසන්නයේ පිහිටි පාසල් සඳහා පුස්තකාල බිහිකිරීමට අදාළ භෞතික සම්පත් ලබා දීම ද සිදු කෙරේ.

    වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර්ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම්. මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට (FARM TO FORK) යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට,දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට, අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.