August, 16, 2018
ප්රශස්ත මට්ටමක ඛනිජතෙල් තොග පවත්වා ගැනීමේ අරමුණින් 2018 සැප්තැම්බර් 01 දින සිට 2019 ජුනි 30 දින දක්වා මාස දහයක (10) කාලයක් තුළ, පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු 02කට එළඹීම සඳහා තීරණය කරන ලදී.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s Gulf Petrochem FZC ආයතනය වෙත එම ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story