ගංවතුරෙන් හානියට පත්වූවන්ගේ බැංකු ණයවලට වෙන දේ මෙන්න

    August, 12, 2017

    පසුගිය කාලයේ දී පැවති ගංවතුර, අයහපත් කාළගුණික තත්ත්වයන් සහ ඊට සම්බන්ධ සිද්ධීන් නිසා හානියට පත් ණය ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර කටයුතු යළි නඟා සිටුවීමට හා ජීවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කරලීම උදෙසා ඒ ඒ අවස්ථානුකූලව පහත සහනයන් ලබා දීමට සියලූම බලපත්‍රලාභී බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබා දී ඇත.

    මේ අනුව එකී බැංකු විසින්,

    • එකී ගනුදෙනුකරුවන් වෙත, 2017 මැයි මස 25 වන දින තෙක් පැවති සක්‍රීය ණය පහසුකම් සඳහා මාස 03 කට නොවැඩි සහන කාලයක් ලබා දීම.
    • එම කාලයට අදාළ දඩ පොළී කපා හැරීම.

    මහ බැංකුවට දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව එම ගංවතුර තත්ත්වයෙන් හානියට පත්වූ ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් මේ සම්බන්ධව දැනුම්වත් වී නොමැති බැවින් ඉහත සඳහන් සහනයන් ලබා ගෙන නොමැත.

    එම නිසා අදාළ ගනුදෙනුකරුවන්ට තමාගේ ලඟම ඇති බැංකු ශාඛාවෙන් මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී.