ගනුදෙනු අත්හිටුවීම පිළිබඳ කොටස් වෙළෙඳපොළෙන් හදිසි තීරණයක්

    March, 20, 2020

    මින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය 5% බැගින් පහළ යන සෑම අවස්ථාවක දී කොටස් ගනුදෙනු මිනිත්තු 30කට අත්හිටුවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද (20) දින හදිසි තීරණයක් ගෙන තිබේ.

    අද දින S&P SL20 දර්ශකය 10% ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ ගිය මිනිත්තු 30 ක් සඳහා ගනුදෙනු අත්හිටුවීම සිදුවූයේ මුල් 5% සඳහා පහණි.

    මෙවැනි අවස්ථාවක දී ආයෝජකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කරනු පිණිස කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම පියවර ගෙන ඇත.