ගම්මන්පිල එකතු කරපු සල්ලි වලට මොකද වුණේ ?

    April, 2, 2014

    උදය ගම්මන්පිල මහතා මෙරට දේශපාලනයේ නව සංස්කෘතියක් ඇති කරමින් මහජනතාවගෙන් මුදල් සම්මාදම් කර පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ අතර එහිදී දෙවැනි තැන දිනා ගත්තේය.

    මේ ආකාරයෙන් ජනතාවගෙන් මුදල් එකතු කර වියදම් කළ අයුරු පැහැදිලි කරන ගිණුම් වාර්තා සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන බව ඒ මහතා සඳහන් කර තිබුණි.

    මෙම ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්නේ කවදාදැයි අපි උදය ගම්මන්පිල මහතාගෙන් විමසූ අතර ඔහු පැවසුවේ පොරොන්දු වූ ලෙසම සති දෙකක් ඇතුළත මෙම ගිණුම් ඉතාමත් නිවැරදිව ප්‍රසිද්ධ කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

    “මහජන මුදල් වියදම් කළ ආකාරය සවිස්තරාත්මකව සඳහන් කරමින් ඉතාමත් නිවැරදි ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. පොරොන්දු වූ ආකාරයටම සති දෙකක් ඇතුළත මෙම ගිණුම් වාර්තා නිකුත් කරනවා. ලයිස්තුගත සමාගමකටත් ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට මෙයට වඩා වැඩි කාලයක් ලබාදී තිබෙන බව කිව යුතුයි.“

    යනුවෙන් ගම්මන්පිල මහතා අප සමග වැඩිදුරටත් සඳහන් කළේය.