ගම්මිරිස් මිල පහළ යාම කළමනාකරණයට අමාත්‍ය අනුකමිටුවක්

    August, 11, 2017

    ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ සහ දේශීය වෙළඳ පොළ තුළ ගම්මිරිස් මිල මේ දිනවල පහළ ගොස් තිබීම හේතුවෙන් ගම්මිරිස් වගාකරුවන් විවිධ අපහසුතාවන්ට පත්ව තිබේ.

    ගම්මිරිස් ගොවියාගේ ජීවනෝපාය හා අදායම් සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් මේ පිළිබඳ කරුණු පරීක්ෂා කර අමාත්‍ය මණ්ඩලය වෙත නොපමාව වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය, ආපදා කළමනාකරණ අමාත්‍ය, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යවරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.