ගල් අඟුරු – ක්ෂණික හා දිගුකාලීන මිල දී ගැනීම් අනුමතයි

    November, 6, 2019

    නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට 2019 නොවැම්බර් සිට 2021 අප්‍රේල් දක්වා විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් මිලියන 2.25 ක ප්‍රමාණයෙන් 50%ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 60.71 මුදලකට සිංගප්පූරුවේ M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd සමාගම වෙත ප්‍රදානය කිරීමට සහ ලක්විජය විදුලි බලාගාරයේ 1 වන ඒකකයේ B මට්ටමේ නඩත්තු කටයුතු සඳහා වන නිපුණතා ශ්‍රම බලකාය ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය පරිදි China Machinery Engineering Corporation වෙත ඇමරිකානු ඩොලර් මිලියන 3.84ක මුදලකට පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මේ අතර පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා ක්ෂණික මිල දී ගැනීම් (Spot Tender) යටතේ අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 67.39 බැගින් මෙට්‍රික් ටොන් 240,000ක් සිංගප්පූරුවේ M/S Adani Global Pte Ltd වෙත පිරිනැමීම සඳහා ද රවී කරුණානායක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.