ගවස්කාර්ට තට්ටුවෙයි

    April, 5, 2016

    ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර්ගේ ගිවිසුම් කාලය දීර්ඝ නොකිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. මීට හේතු වශයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටින්නේ සෙසු විස්තර විචාරකයින්ට වඩා වැඩි ගෙවීමක් ගවස්කාර්ට සිදුකර ඇති හෙයින් තවදුරටත් ඔහුගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති බවයි.

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරන පරිදි, සාමාන්‍යයෙන් එක් තරඟයක විස්තර විචාරයේ යෙදීම සඳහා ඉන්දියානු රුපියල් 35,000 ත් 100,000 ත් අතර මුදලක් ගෙවනු ලැබේ. එහෙත් වාර්තා වන අන්දමට සෙසු විස්තර විචාරකයින්ට වඩා හත්අට ගුණයක ගෙවීමක් ගවස්කාර්ට සිදුකර තිබේ.

    මෙයාකාර අසාමාන්‍ය ගෙවීමක් තවදුරටත් සිදුනොකිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානාම් නොමැති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates