August, 4, 2015
ගත්කතුවරයින්, ඉතිහාසඥයින්, කවියන් ඇතුළු සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ දෙස් විදෙස් ප‍්‍රවීණයින් සහභාගී වන සාහිත්‍යය සඳහා ඇලූම්කරන ප‍්‍රජාව ඉමහත් ඕනෑකමින් බලා සිටි මෙරට ප‍්‍රමුඛතම සාහිත්‍යය උත්සවයක් වන ගාලූ සාහිත්‍යය උත්සවය 2016 ජනවාරි 13 වනදා සිට පුරා දින පහක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර මෙම උත්සවය මෙවර නම්කර තිබෙන්නේ ‘2016 ෆෙයාර්වේ ගාලූ සාහිත්‍යය උත්සවය’ නමිනි.
මෙහි නාම අනුග‍්‍රාහකයා ලෙස ඉදිරි වසර තුන තුළදී මෙරට ප‍්‍රමුඛතම දේපොළ සංවර්ධන සමාගමක් වන ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමාගම ගාලූ සාහිත්‍යය උත්සවයේ 2016 වසරේ සංවිධායක කමිටුව සම්බන්ධ කර ගැනීමට සමත්ව තිබෙන අතර එම සමාගම සමග ඔවුන් සමීපව කටයුතු කරයි. මීට අමතරව, ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් ශ‍්‍රී ලංකාව තුළ පළකර තිබෙන හොඳම නවකතා ඇගයීමට ලක්කරමින් ‘ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මානය’ ලබාදීමේ ගෞරවණීය අවස්ථාවද 2016 ගාලූ සාහිත්‍ය උත්සවයේදී මෙම සමාගමට හිමිවී තිබෙන අතර මෙහිදී, එක් එක් අංශවල ජයග‍්‍රාහකයින්ට රුපියල් 500,000 බැගින් හිමිවේ. මීට අමතරව, මෙම සම්මානය සඳහා නිර්දේශිත ග‍්‍රන්ථ සඳහා රුපියල් 100,000 බැගින් ලබාදීමට නියමිතය.
2016 ගාලූ සාහිත්‍යය උත්සවයේ නාම අනුග‍්‍රාහකයා වන ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති, හේමක ද අල්විස් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ‘‘ගාලූ සාහිත්‍යය උත්සවය ජාත්‍යන්තරව පිළිගත් වැඩසටහනක් ලෙස පසුගිය වසර ගණනාවක් පුරා ඉහළ ප‍්‍රතිචාරයට ලක්වී තිබෙනවා. මෙම සුවිශේෂී වැඩසටහනේ නාම අනුග‍්‍රාහකයා ලෙස සම්බන්ධවීමට ලැබීම පිළිබඳව අපිට තිබෙන්නේ අතිශය සතුටක්. මෙම වැඩසටහනේ අනුග‍්‍රාහකයෙකු ලෙස මූල්‍ය සහාය ලබාදෙනවාට එහාට අපගේ සහභාගීත්වය මෙහිදී සිදුවෙනවා. මීට අමතරව, අප අදහස් කරන්නේ ශ‍්‍රී ලංකාවේ සාහිත්‍යය විශිෂ්ටත්වය ප‍්‍රවර්ධනය, හඳුනාගැනීම සහ සම්මානයට පාත‍්‍ර කිරීමටයි. අප විශ්වාස කරන්නේ සියළුම ආයතනික සමාජ වගකීමේ ක‍්‍රියාකාරකම් අනිවාර්යෙන්ම ඉලක්ක කළ යුත්තේ අපගේ සමාජයේ සංවර්ධනය, වැඩිදියුණුව සහ යහපත වෙනුවෙන් බවයි. ප‍්‍රජා ජීවිතය, අධ්‍යාපනය සහ කලා ශිල්ප සඳහා සහයෝගය දක්වමින් ඒවා වර්ධනය කිරීමට අවශ්‍ය තවත් බොහෝ වැඩසටහන් අප විසින් සිදුකරනවා.’’
ඔහු මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේයි. ‘‘මේ වසරේ ගාලූ සාහිත්‍යය උත්සවයේදී ශ‍්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි කතුවරුන්ගේ හොඳම නවකතා සඳහා ෆෙයාර්වේ ජාතික ග‍්‍රන්ථ සම්මානය හඳුන්වා දෙනවා. මෙම සම්මානය සහ හඳුනාගැනීම තුළින් අප බලාපොරොත්තු වන්නේ සාහිත්‍යය විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවෙන ශ‍්‍රී ලාංකේය ගත්කතුවරුන් දිරිමත් කරමින් ඔවුන්ට සහයෝගයක් ලබාදීමටයි. ගාලූ සාහිත්‍යය උත්සවයේ කටයුතු වෙනුවෙන් දිගුකාලීනව සහාය ලබාදීමට සහ මෙම උත්සවය පිළිබඳව ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පුළුල් ප‍්‍රජාවක් අතර ප‍්‍රචලිත කිරීමට අපි කැපවී කටයුතු කරනවා. මෙවැනි ගෞරවණීය වැඩසටහන් සමග එක්වීමට ලැබීම අපි අභිමානයක් ලෙස සලකන අතර මෙය වසරින් වසර වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’
මීට අමතරව, පළමු වතාවට 2016 ෆෙයාර්වේ ගාලූ සාහිත්‍යය උත්සවයේදී දකුණු ආසියාවේ සාහිත්‍යය සඳහා පිරිනමන සුප‍්‍රසිද්ධ ෘීක් සම්මානය පුද කිරීමටද නියමිතය. මෙම සම්මානය 2015 දී දිනාගෙන තිබෙන්නේ ඉන්දියානු-ඇමරිකානු සම්භවයක් සහිත ජුම්පා ලහිරි විසින් රචිත ‘ඔයැ ඛදඅක්බා’ කෘතිය වන අතර 2012 දී මෙම සම්මානය දිනාගත්තේ ශ‍්‍රී ලාංකිකයෙකු වන ෂෙහාන් කරුණාතිලක මහතා ලියූ ‘ක්‍යසබ්ප්බ’ කෘතියයි.
සුප‍්‍රසිද්ධ ෘීක් සම්මානය 2010 වසරේදී ආරම්භ කර තිබෙන්නේ සුරීනා නරූලා සහ මන්හඞ් නරූලා විසිනි. ‘‘දකුණු ආසියාවේ සාහිත්‍යය වෙනුවෙන් පිරිනමන ඩොලර් 50,000 ක ෘීක් සම්මානය කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන වලින් එකක්. මෙම සම්මානය වසර පහක කාලයක් තිස්සේ මේ වනවිට ලබාදී තිබෙනවා. දකුණු ආසියානු කළාපයේ හොඳම ග‍්‍රන්ථ සොයා ගනිමින් ඒවා සම්මානයට පාත‍්‍ර කිරීමත් ඒවා සුවිශාල ගෝලීය ප‍්‍රජාවක් වෙත රැුගෙන යාමත් වන මෙම සම්මානයේ දැක්ම ඉටුකර ගැනීමට මේ වනවිට හැකිවී තිබෙනවා. දකුණු ආසියාව සහ එහි ජනතාව පිළිබඳව ලියන ඕනෑම ජන වර්ගයක සහ ඕනෑම ජාතියක කතුවරයෙකුට මෙම සුවිශේෂී මෙන්ම කීර්තිමත් සම්මානය විවෘත වෙනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සුරිනා නරුලා පැවසීය.
‘‘මේ වසරේ ගාලූ සාහිත්‍යය උත්සවය සමග සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. 2016 වසරේදී දකුණු ආසියානු සාහිත්‍යය වෙනුවෙන් ෘීක් සම්මානය දිනාගන්නා කතුවරයා කවුරුන්දැයි 2016 ජනවාරි 16 වන සෙනසුරාදා මෙම ගෞරවණීය උත්සවයේදී නිවේදනය කරනවා. දකුණු ආසියාව ඉලක්ක කරගත් කළාපයේ ප‍්‍රමුඛතම සාහිත්‍යය උත්සවයක් ලෙස මෙය සමග සම්බන්ධ වීමෙන් බොහෝ ධනාත්මක දේවල් අපිට සිදුකළ හැකියි. දකුණු ආසියාවේ ජීව ගුණය සමග එකතු වෙමින් සෑම වසරකම ජයග‍්‍රාහකයා නම් කරන්නේ විවිධ වූ දකුණු ආසියානු රටවල සිටයි.’’ යනුවෙන් නරුලා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
2016 ගාලූ සාහිත්‍යය උත්සවයේ මෙවර ඉතාමත් කැපී පෙනෙන නව වැඩසටහනක් වන්නේ දින දෙකක සති අන්තයක් සහ කුඩා උත්සව මහනුවර සහ යාපනයේ සංවිධානය කර තිබීමයි. මහනුවර කුඩා උත්සවය 2016 ජනවාරි 9 වනදා ආරම්භ වන අතර යාපනයේ වැඩසටහන 2016 ජනවාරි 23 වනදා ආරම්භ වේ. මෙම වැඩසටහන් දෙකටම දෙස් විදෙස් ගත්කතුවරුන්, රචකයින් සහ කලාකරුවන් සහභාගී වන අතර විවිධ වූ සාහිත්‍යය සහ කලා ක‍්‍රම ප‍්‍රදර්ශනය කිරීමට නියමිතය. මීටඅමතරව, මෙම ප‍්‍රදේශ වලට උරුමයෙන්ම ලැබුණු සුවිශේෂීතාවයන් මෙම වැඩසටහන්වල කැපී පෙනෙන අංගයක් වනු ඇත.
සාහිත්‍යය පමණක්ය යන සාම්ප‍්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් මෙවර උත්සවයේදීත් පසුගිය වසර වලදී මෙන්ම ක‍්‍රීඩා, ප‍්‍රසංග, විලාසිතා සංදර්ශන, ගෙවතු සහ ගෘහනිර්මාණාත්මක සංචාර, ප‍්‍රජා වැඩසටහන්, ඡායාරූප ප‍්‍රදර්ශන ඇතුළු බොහෝ විවිධ වැඩසටහන් පැවැත්වෙනු ඇත.
මෙම උත්සවය මගින් විවිධ වූ රසාලිප්ත සංගීත අත්දැකීම් වසර පුරාම රසිකයින්ට ලබාදෙයි. මෙම ඒකාබද්ධතාවය සමග ජනවාරි 15 සහ 16 වනදා ගාලූ සාහිත්‍යය උත්සවයේ එක් අංගයක් ලෙස දෙස් විදෙස් ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් ගාල්ලේදී රසික නෙත් සිත් පිනවන සංගීත අත්දැකීම් මාලාවක් ලබාදීමට සැලසුම් කර තිබේ.
පසුගිය වසර වලදී මෙන්ම 2016 ෆෙයාර්වේ ගාලූ සාහිත්‍යය උත්සවයේදී මෙවරත් ප‍්‍රදේශයේ සිසුදරුවන් සහ ගුරුවරුන් වෙනුවෙන් වැදගත් වැඩසටහන් සංවිධානය කර තිබේ. ළමුන් 2500 කට වැඩි ගණනක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන ගාල්ල ධර්මපාල උද්‍යානයේ පැවැත්වෙන ළමා උත්සවය සහ ගාලූ සාහිත්‍යය උත්සවයේ යාපනයේ හා මහනුවර පැවැත්වෙන වැඩසටහන් දෙක මේ අතර තිබේ. මේ එක් එක් වැඩසටහන සඳහා ළමුන් 250 ක් පමණ සහභාගී වන ඇතැයි අපේක්ෂා කරන අතර මෙම වැඩසටහන් තුනෙන් මේ වසරේ දරුවන් වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන් සමන්විත වනු ඇත. මෙම වැඩසටහන් තුනේදී සිසු දරුවන්ට දෙස් විදෙස් ගත්කරුවන් සහ කලාකරුවන් මුණ ගැසී සාකච්ඡුා කිරීමටත් ඔවුන්ගෙන් ඉගෙන ගැනීමටත් අවස්ථාව හිමිවේ. මෙම වැඩසටහන් සඳහා රැුගෙන එන 80 ක් පමණ වන ගුරුවන්ට නව්‍ය වූ ඉගැන්වීමේ කුසලතා උකහා ගැනීමේ අවස්ථාව හිමිවන අතර එම කුසලතාවයන් පසුව තම සහෝදර ගුරුවරුන් සමග බෙදාගැනීම මගින් තවදුරටත් සමාජයට යහපතක් වනු ඇත.
2016 උත්සවය සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදීමට ලෑන්ඞ් රෝවර්, කලම්බෝ ජුවලරි ස්ටෝර්ස්, ප‍්‍රින්ට්කෙයාර්, ද එලයිසියම් කලෙක්ෂන් සහ විජය සමූහය ඇතුළු අනුග‍්‍රාහකයින් නැවතත් ඉදිරිපත්ව සිටී. මෙම අනුග‍්‍රාහකයින් අතර මෙම උත්සවයේ දිගුකාලීන ආගන්තුක සත්කාරක සේවා සපයන්නා ලෙස කටයුතු කළ ජෙට්වින්ග් ලයිට් හවුස් හෝටලය මෙවරත් අනුග‍්‍රාහකත්වය සපයයි.
‘‘වසර 18 කට පෙර අපි ජෙට්වින්ග් ලයිට් හවුස් හෝටලය විවෘත කරන විට අපි ගාලූ නගරය සහ එයට යාබද ප‍්‍රදේශය ඉතිහාසයෙන් පිරිපුන්, සංස්කෘතිකමය වශයෙන් පොහොසත් ගමනාන්තයක් ලෙස අළුත් මගකට යොමුකළා. එතැන් සිට නගර පුනර්ජීවනයේ ප‍්‍රධාන කුළුණක් බවට අපේ හෝටලය පත්වුණා. එලෙසම, ගාලූ සාහිත්‍යය උත්සවය යනු ගාලූ නගරය සහ රට මෙන්ම නිර්මාණශීලීත්වයෙන් පොහොසත් ජීවිත ධනාත්මක ලෙස වෙනස්කළ වැඩසටහනක්. මෙම උත්සවය ආරම්භයේ සිටම එහි නිළ ආගන්තුක සත්කාරක සේවා සපයන්නා ලෙස සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව ජෙට්වින්ග් ආඩම්බර වෙනවා. 2016 වසරේදීත් නැවත වතාවක් අපි නිළ ආගන්තුක සත්කාරක සේවා සපයන්නා ලෙස කටයුුතු කරනවා. මෙම උත්සවය තුළින් තරුණ පරම්පරාවට වචනයෙන්, සිතුවිලි වලින් මෙන්ම අදහස් වලින් පොහොසත් වෙමින් අනාගතය සරුකර ගැනීමේ අවස්ථාව උදාවෙනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ජෙට් වින්ග් හොටෙල්ස්, සභාපති, හිරාන් කුරේ මහතා සඳහන් කළේය.
2016 උත්සවය සඳහා අළුත් පාර්ශවකරුවන් ලෙස පැමිණ තිබෙන ඩයලොග් සමාගම සහ ටී.එන්.එල්. සමාගම පිළිගනිමින් උත්සවයේ සංවිධායක කණ්ඩායම සඳහන් කරන්නේ නවාතැන් පහසුකම් සපයන පාර්ශවකරුවන්ට සහ මිතුරන්ට ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව තුති පුදකරන බවයි. මෙම සෑම පාර්ශවකරුවෙකුගේම සහයෝගය නොමැතිව මෙම උත්සවය සාර්ථක කර ගැනීමට නොහැකි බවත් මෙරට ආයතනික අංශයෙන් සහ සාහිත්‍යයට ආදරය කරන්නන්ගෙන් තවදුරටත් අඛණ්ඩව සහයෝගය අවශ්‍ය බවත් උත්සව සංවිධායක කණ්ඩායම සඳහන් කරයි.
Video Story