ගෝලීය බොරතෙල් මිල අද යළිත් ඩොලර් 100 සීමාවෙන් මෙපිටට එයි

    April, 14, 2026

    මේ වන විට ඉරාන - ඇමරිකා සාම සාකච්ඡා මත මුළුමනින්ම පාහේ තීරණය වන සංරචකයක් බවට පත් වී ඇති ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද නැවත වතාවක් ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබුණි.

    ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 පමණ වන විට WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.84 ක් ලෙසින් දැක්වුණු අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.44ක් ලෙසින් දැක්වුණි.

    පාකිස්ථානයේ දී පැවත් ඉරාන - ඇමරිකා සාම සාකච්ඡා පළමු අදියර අසාර්ථක වීමත් සමඟ පසුගිය දෙදින තුළ ඩොලර් 100 සීමාව ඉක්මා ගොස් තිබුණු ගෝලීය ඉන්ධන මිල ගණන් අද (14) මෙලෙස නැවත වතාවක් ඩොලර් 100 සීමාවෙන් මෙපිටට පැමිණ ඇති අතර ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ, ඉදිරි සාම සාකච්ඡා සම්බන්ධයෙන් ඇමරිකානු උප ජනාධිපතිවරයා කළ ධනාත්මක ප්‍රකාශයකින් පසුව මෙලෙස බොරතෙල් මිල ගණන් පහළ වැටෙන්නට පටන් ගත් බවයි.