• Ada Derana BIZ Sinhala
  • INSEE Cement
  • sri lanaka

ගාල්ලේ පිහිටි INSEE සිමෙන්ති කර්මාන්තශාලාවෙහි පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති නිෂ්පාදනය අරඹයි

July, 12, 2022

දිනෙන් දින ඉහළ යන තිරසාර ඉදිකිරීම් අවශ්‍යතා සපුරාලීම සඳහා  2021 වසරේ දී දේශීය සිමෙන්ති වෙළෙඳපොළට පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති  සාර්ථකව හඳුන්වා දෙන ලදී.

INSEE සිමෙන්ති සමාගම දිනෙන් දින වැඩි වන දේශීය සිමෙන්ති ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් සිය රුහුණු සිමෙන්ති නිෂ්පාදනාගාරය තුළ පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති නිෂ්පාදන කටයුතු ආරම්භ කරමින්, SLS 1697 තත්ත්ව සහතිකය සහිත සිමෙන්ති නිෂ්පාදනයන්හි සංයුතිය වැඩි කිරීමට කටයුතු කර තිබේ. පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති (PCC) නිෂ්පාදනය වසර ගණනාවක පර්යේෂණවල ප්‍රතිඵලයක් වන අතර, OPC සිමෙන්ති නිෂ්පාදනයේ දී සිදුවන ඉහළ කාබන් විමෝචනයට විසඳුමක් ලෙස පුත්තලම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදන මධ්‍යස්ථානයේ දී නිෂ්පාදන කටයුතු ආරම්භ කළ කරන ලද උසස් මිශ්‍රිත සිමෙන්ති නිෂ්පාදනයකි.

"INSEE සිමෙන්ති සමාගම පසුගිය වසරේ දී පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති නිෂ්පාදනය ප්‍රථම වරට දේශීය වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ ද්විත්ව ප්‍රථිඵලදායක ප්‍රවේශයක් විදියටයි. එමගින් අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ ඉදිකිරීම්වල තිරසාර බව ඉහළ නැංවීම වගේ ම මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගෝලීය මට්ටමින් ස්ථාවර භාවය කරා ගෙන යාමට බලාපොරොත්තු වෙනවා." යනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ නිෂ්පාදන හා නව්‍ය විසඳුම් ප්‍රධානී ආචාර්ය මූසා බාල්බාකි මහතා ප්‍රකාශ කළේය.  "ගෝලීය වශයෙන්, සාමාන්‍ය හා වාණිජමය ඉදිකිරීම්වල සිට මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති දක්වා ඉදිකිරීම් කටයුතුවලට පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති භාවිතය එම ඉදි කිරීම්වල කල් පැවැත්ම වැඩි කරනවා. ඒ වගේ ම මෙම නිෂ්පාදනය ඉදිකිරීම් කටයුතුවල දී සිදු වන  කාබන් විමෝචනය අඩු කිරීමටත් දායක වෙනවා.  පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති සඳහා දේශීය වෙළෙඳපොළ තුළ වර්ධනය වන ඉල්ලුම නිසා අප නිරන්තරයෙන් ම දිරිමත් වන බවත්, අපගේ ගාල්ල නිෂ්පාදනාගාරය දක්වා  නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම, ඒ සඳහා අපගේ කැප වීමට හොඳ ම සාක්ෂියක් බවත් පැවසිය යුතු ම යි." බාල්බාකි මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

INSEE සිමෙන්ති වෙළෙඳ ලකුණ සහිතව, SmartAct TM තාක්ෂණයෙන් නිපදවන පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්තියේ ඇති අද්විතීය බහු ඛණිජ සංයුතිය, සජලනය, පොසොලානික් සහ න්‍යෂ්ටිකකරණය යන අංගවලින් සමන්විත ත්‍රිත්ව ප්‍රතික්‍රියාවකට භාජනය වන අතර, එමඟින් ඉදිකිරීම්වල ශක්තිමත් බව වැඩි කරයි. මෙම  ත්‍රිත්ව ප්‍රතික්‍රියාව මඟින් අංශු ව්‍යප්තිය ප්‍රශස්ථ කිරීම සහ ඇසුරුම් ඝණත්වය ඉහළ නැංවීම නිසා ශ්‍රී ලංකාව පුරා, විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල ඉදි කිරීම් සඳහා වඩාත් සුදුසුය. එමෙන් ම මෙම නිෂ්පාදනය මගින් කොන්ක්‍රීට් තුළට වැසි ජලය ඇතුළු වීමේ අවදානම ද මඟ හරවයි. එම නිසා ම අද වන විට ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීම් කටයුතු සඳහා පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති භාවිතය දිනෙන් දින ඉහළ යමින් පවතී.

යබොර සහ Fly Ash වැනි බහු සිලිකෝ-ඇලුමිනේට් ඛනිජ භාවිතා කිරීමත් සමඟ, පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති නිෂ්පාදනයේ දී හා එය භාවිත කරමින් සිදු කරන ඉදිකිරීම්වල දී සිදු වන කාබන් විමෝචනය අවම කරන නිසා ම එය OPC සිමෙන්තිවලට වඩා පරිසර හිතකාමී නිෂ්පාදනයක් බව පැවසිය යුතු ම කරුණකි.  INSEE සිමෙන්ති සමාගම සිය  නිෂ්පාදන කටයුතුවල දී කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු කිරීම, 2030 වසර වන විට එම සමාගම සාක්ෂාත් කර ගැනීමට අරමුණු කරන තිරසාර අභිලාෂයන් සාර්ථක කරගැනීම වෙනුවෙන් කැප වීමට උදාහරණ සපයයි.

පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්තිවලින් ලැබෙන අනෙකුත් යහපත් ප්‍රතිලාභ අතරට උණුසුම් කාලගුණික තත්ත්වයන් යටතේ ඉදිකිරීම් කටයුතු සඳහා හිතකර අවම හයිඩ්‍රේෂන් තාපය සහ වේලි, පාලම්, මාර්ග වැනි දිගු කාලීන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා යෝග්‍ය, ඉහළ රසායනික ප්‍රතිරෝධයක් සහිත වීම ද සඳහන් කළ යුතුය.