ගෑස් මිල වැඩි කිරීමේ මලික්ගේ ඉල්ලීමට ජනපති හරස් වෙයි

    September, 13, 2017

    සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවීර මහතා විසින් ගෑස් මිල ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    කෙසේ වෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයා ඇතුළු බහුතර කැබිනට් මණ්ඩල සාමාජිකයින් අදාළ යෝජනාවට එරෙහි වූ බවයි.

    එහිදී බහුතර කැබිනට් අමාත්‍යවරුන්ගේ මතය වී ඇත්තේ ගෑස් මිල ඉහළ දැමීම සඳහා මෙය සුදුසු අවස්ථාවක් නොවන බවයි.