ගිනි නිවන සමාගමක් කොටස් වෙළෙඳපොළට

    June, 6, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසෙන නවතම සමාගම වන Alpha Fire Services Limited හි කොටස් හෙට (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ Empower පුවරුවේ ලැයිස්තුගත කිරීමට නියමිතය.

    මෙහිදී ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 2.76 ක්, හඳුන්වා දීමේ (Introduction) ක්‍රමවේදය ඔස්සේ ලැයිස්තුගත කෙරෙනු ඇත.

    Empower පුවරුවේ “2010 – Capital Goods” කාණ්ඩය යටතේ Alpha Fire Services Limited  කොටස් වර්ගීකරණය කර තිබේ.

    1989 වසරේ දී ඇරඹි Alpha Fire Services Limited, මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් හා ආයතන රැසකටම ගිනි ආරක්ෂණ සේවා ලබා දෙන සමාගමකි.