ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 344 ක රට සීනි කාලා

    March, 28, 2017

    2016 වසරේ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 344.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටී.

    මෙය 2015 වසරේ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලිවල වටිනාකම වූ ඩොලර් මිලියන 254.4 හා සැසඳීමේ දී සියයට 35.5 ක ඉහළ යාමකි.

    මේ අතර 2016 දෙසැම්බර් මාසයේ දී පමණක් සීනි හා රසකැවිලි ආනයනය සඳහා ඩොලර් මිලියන 22.5 ක් වැය කර තිබේ.

    2015 දෙසැම්බර් මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 16.4 ට සාපෙක්ෂව මෙය සියයට 37.1 ක වැඩිවීමකි.