ගිය රජය සංවර්ධනය කිරීමට සූදානම් වූ මාර්ග 08 ක් නව රජය වෙනස් කරයි

    July, 8, 2015

    චීන සංවර්ධන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ගෙන ක්‍රියාත්මක කරන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට කලින් හඳුනාගෙන තිබූ මාර්ග වෙනුවට වඩා ප්‍රමුඛතාවය ලබාදිය යුතු මාර්ග හඳුනා ගනිමින් ඒවා සංවර්ධනය කිරීමට මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සූදානම් වේ.

    මේ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා මුලින් හඳුනාගෙන තිබූ මාර්ග 08 ක් වෙනුවට ප්‍රමුඛතාවය ලබාදිය යුතු මාර්ග හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීමට අමාත්‍යංශය අදහස් කර තිබේ.

    රජය සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය යටතේ මේ වනවිටත් තංගල්ල-වීරකැටිය මාර්ගය සහ වීරකැටිය-මිද්දෙණිය මාර්ගය සංවර්ධනය කරන බවයි.