ගුවන්තොටුපළේ තීරු බදු රහිත වෙළෙඳ ඒකාධිකාරියට රජය එරෙහි වෙයි

    January, 30, 2016

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්ත දෙකෙහි තීරු බදු රහිත වෙළෙඳසැල් පවත්වා ගෙන යාම පිණිස වසර 05 ක ගිවිසුම් කාලයක් සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුකූල වඩාත් විනිවිදභාවයකින් යුතුව ලංසු කැඳවීම සඳහා අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණ ඇගයීම් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට වඩාත් වාසිදායක ප්‍රතිඵල අත් කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

    මෙතෙක් කලක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්ත දෙකෙහිම ප්‍රධාන ගණයේ තීරුබදු රහිත භාණ්ඩ අලෙවිසැල් පවත්වාගෙන යාමේ අයිතිය කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු සඳහා වන ඒකාධිකාරියක් ලෙස ලබා දී තිබිණි. එය කිසිදු ටෙන්ඩර් පටිපාටියක් හෝ තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදයකින් තොරව සිදුකරන ලද ක්‍රියාවක් බව රජයේ කැබිනට් තීරණ සඳහන් කරනු ලබයි.