ගුවන්තොටුපළ විවේකාගාර ආහාරපාන සැපයුම් SriLankan Catering බාර ගනී

    March, 7, 2018

    ව්‍යාපාරික පන්තිය, පළමු පන්තිය හා විශේෂ කාණ්ඩවල ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විවේකාගාර 04ක් සහ මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි එක් විවේකාගාරයක් පවත්වා ගෙන යනු ලැබේ.

    මෙම විවේකාගාරවල සේවය ලබාගනු ලබන දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා ඉහළ ප්‍රමිතියක් යටතේ ආහාර පාන සැපයීම (Catering Services) සිදු කළ යුතු වේ.

    එබැවින්, එම කොන්ත්‍රාත්තුව, ඒ සඳහා හැකියාව ඇති, ශ්‍රීලන්කන් ගුවන්සේවයට අනුබද්ධිත M/s SriLankan Catering Limited ආයතනය වෙත ඉදිරි වසර 03ක කාලසීමාවක් සඳහා පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.